May 12, 2024

මහින්ද අගමැති කරවීමේ මෙහෙයුම ළඟදීම කරළියට

February 03, 2015

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය අපේක්ෂකයා කරවීමේ අරමුණෙන් එළඹෙන සතියේදී නව දේශපාලන පෙරමුණක් පිහිටුවීමට යන බව වාර්තා වෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ හතරක් එක්ව මේ සඳහා පෙරමුණ ගෙන තිබේ.

ඒ හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය, විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ හා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ බවත් දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ඉඟි පළ කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කර තිබු‍ණේ ඒ සඳහා හිටපු ජනාධිපතිවරයා එකඟ කරවීමේ කාර්යයන් අසාර්ථක වූවහොත් එය ජාතියේ ඛේදවාචකයක් වන බවය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 February 2015 07:50