May 12, 2024

මහාචාර්ය නලින්ගෙන් නීතිඥ උපුල්ට අභියෝගයක් (VIDEO)

මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ධුරයේ සිටියදී ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සාකච්ඡා කිරීම සඳහා පසුගිය 01 වැනිදා විද්වත් සංවාදයක් පැවැත්විණි. 

මෙහිදී අදහස් ප්‍රකාශ කළ මහාචාර්ය නලින් ද සිල්වා මහතා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතාට අභියෝගයක් ද එල්ල කළේය. 

එහිදී මහාචාර්ය නලින් ද සිල්වා මෙම අදහස් පළ කළේය. “මම ඒක අභියෝගයක් කරන්න කැමතියි. ඒ අභියෝගය කරන්නේ නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරියට. කරුණාකරලා, මේ රූපවාහිණි නාළිකාවකට මම ආරාධනා කරනවා වෙන කවුරුවත් නෙවෙයි, මමයි උපුල් ජයසූරිය මහත්තයි අතර විවාදයක් පවත්වන්න මේ කාරණා සම්බන්ධයෙන්. ඒ මහත්තයා කියයි, නීතිඥයන් නොවන අයත් එක්ක මේවාට සහභාගි වෙන්න නැහැ කියලා. ඉතින් නීතිඥයන් නොවන අයත් එක්ක විවාදයකට සහභාගි වෙන්න ලේසිනේ.“ යැයි මහාචාර්යවරයා පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න 

Rate this item
(0 votes)