April 27, 2024

ෆේස්බුක් එකෙන් චාජ් සීට් එකකුත් දෙනවා - ජනපති

නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලිස් සේවයේ 75,000ක් සිටින බවත් ඒ 75,000න් එක නිලධාරියෙකුට වරදක් වුනොත් ෆේස්බුක් එකේ පින්තූරේ වැටෙන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග අරලියගහ මන්දිරයේ පැවති හමුවකදී ය.

ෆේස්බුක් එකට චාජ් සීට් එකකුත් එන බවත් තමා එය අත්දැකීමෙන් දන්නා බවත් රටේ නීතිය සහ සාමය සුරකිමින් රටත් ජනතාවත් වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරන පොලීසිය හෑල්ලු කිරීමට ඉදිරියේදී ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා පැවසී ය.

ශ්‍රී ලංකා පොලීසියේ 10 වසරක ප්‍රගතිය යන මැයෙන් සංවිධාන කර තිබූ මෙම හමුවට දිවයිනේ සෑම පළාතක් ම නියෝජනය කරමින් පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 5000 කට අධික පිරිසක් සහභාගි වි සිටියහ.

එම කතාව ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Monday, 03 November 2014 12:29