April 26, 2024

රනිල් එනවනම් සෝභිත හිමි, ටීඑන්ඒ සහය නෑ 

November 01, 2014

ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන්නේ නම් ඔහුට සහය දැක්විය නොහැකි බව මාඳුළුවාවේ සෝභිත හිමියෝ සහ දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇත.

එක්සත් ජාතික පක්ෂය සහාය දක්වන වෙනත් ‍පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඊට සහාය දිය හැකි නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් ඊට සහය දිය නොහැකි බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සෝභිත හිමියෝ සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

මේ හේතුව නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ ගැටලුවක් පැන නැගී ඇති අතර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි. 

 

Rate this item
(4 votes)
Last modified on Monday, 03 November 2014 12:36