April 26, 2024

අයවැය ඡන්දයට හෙළ උරුමයේ සහය නෑ 

2015 අයවැය පළමුවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීමේදී ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීමට ජාතික හෙළ උරුමය තීරණය කර තිබේ.

ජාතික හෙළ උරුමය රජයට ඉදිරිපත් කළ යෝජනාවලියේ ප්‍රමුඛතා යෝජනා හඳුනාගෙන එම යෝජනා සම්බන්ධයෙන් එකඟත්වකට පැමිණීම සඳහා පස් දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කිරීමට පසුගිය දා තීරණය කෙරිණි.

{module LOLC}

මෙම කමිටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සුසිල් ප්‍රේම්ජයන්ත්, නිමල් සිරිපාල ද සිල්වා හා ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරන්ද ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හා බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඇතුළත් වේ.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 01 November 2014 07:02