April 27, 2024

යනවැයි කියන කවුරුවත් පරිදින පැත්තට යන්නේ නෑ

රජය විසින් ජාතික මැතිවරණයක් පැවැත්වෙන බව වාර්තා වන අතර ‍මේවන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානය සූදානම් බවද විවිධ ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතුවල ප්‍රධාන ස්ථානයක් හිමිව තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකි. ජනාධිපතිවරණය හා ඒ සම්බන්ධව ඇති ප්‍රශ්ණ පිළිබඳ සිදු කරන ඒෂියන් මිරර් සමග පැවති සාකච්ඡාවකි මේ.

{module LOLC}

ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රජයට සම්බන්ධ ඇමතිවරු රැසක් එජාපයට යාමට සූදානම් බවට වාර්තා පළ වෙනවා. එහෙම ඇමතිවරු ඉන්නවද?

කවුරු සාකච්ඡා කළැයි කිව්වත් මම හිතන්නෑ ඔය කියන කවුරුවත් එජාපයට යනවා කියලා. මොකද ඔය කවුරුවත් කැමති නෑ පරදින පැත්තකට යන්න. දිනන පැත්තක තමා ඉන්න කැමති. එජාපය මේ පාරත් පරදිනවා කියලා දන්නවා.

එජාපයේ පිරිසක් රජයේ ඇමතිවරු සමග සාකච්ඡා කරනවා. ඔවුන් රජයට ගන්න හෝ ස්වාධීනව කරන්න කටයුතු කරනවද?

විවිධ කටකතා ඒ සම්බන්ධයෙන් තිබුණට මම ඇත්තද නැත්තද කියලා දන්නෙ නෑ. මම නොදන්න දේවල් ගැන කතා කරන්න කැමති නෑ. 

ඔබතුමා ඛනිජ තෙල් ගිවිසුමක් සම්බන්ධයෙන් කොමිස් ලබාගත්තා කියලා මාධ්‍ය වාර්තා කළා. එහි ඇත්ත නැත්ත මොකක්ද?

මම හැසිරෙන්නේ මගේම ක්‍රමයකට. මගේ වාසියට මම වැඩ කළාද කියලා කියන එක පක්ෂයත්, පාක්ෂිකයාත් දන්නවා. මම හැමදාම වැඩ කළේ රජය හා ජනතාවට වාසිදායක වෙන ආකාරයට විතරයි. ඔය කියන කතාව මම හිතන්නේ දේශපාලන මඩ ප්‍රහාරයක් විදියට.

මහින්ද රාජපක්ෂ මහතා ජනපති වන බව ඔබට ස්ථීරද?

මම විතරක් නෙමෙයි. මේ රටේ එජාප පාක්ෂිකයාත් දන්නවා  මහින්ද රාජපක්ෂ යළිත් ජනපති වන බව.

        

Rate this item
(0 votes)
Last modified on Friday, 17 October 2014 13:51