April 26, 2024

අමරණිය 'විප්ලවවාදියකුගේ' ජීවන පෙළගැස්ම (සිව්වැනි කොටස)

එකල ආරක්‍ෂක අංශ විසින් ජවිපෙ සාමාජිකයන් විශාල පිරිසක්‌ ඝාතනය කරනු ලැබිණි. තවත් විශාල පිරිසක්‌ අත්අඩංගුවට ගත්හ. අප සමග එකට සිරබත් කෑ එක්‌ සාමාජිකයකු පොලිස්‌ පහර කෑම් නිසා සිර කුටියේදීම අවසාන හුස්‌ම පොද වාතලයට මුසු කිරීමට මොහොතකට පෙර සිර කුටියේ බිත්තියේ සටහන් කළ කවි පද හතර මගේ මතකයෙන් තවමත් මැකී ගොස්‌ නොමැත.
 
මැතිවරණයෙන් ජන රවටන ලද බලය
උරුමෙන් ලද ද තී යෙදුවේ යුද බලය
තරුණන් මැරූ සුදු අදිරද සුරතලිය
මරණෙන් පසුත් ගන්නෙමි ලේවල පලිය
 
වමක්‌ ගොඩනැඟීමේ අරමුණින් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කර සිරගත වූ තවත් සහෝදරයන් එදා සිරකුටියේදී අඟුරු කෑලිවලින් සටහන් කළ කවි පද, ගී පද තවමත් මගේ දෙසවනේ දෝංකාර දෙයි.
 
පරවී ගියත් පිපිදෙන රතු මල් කැකුළු
පිපිදෙනු නියතමයි නැවතත් රතු කැකුළු
නිදහස පතා ඔබ හෙලු දහදිය කඳුළු
හරි බව කියනු ඇත මතු හදවත් සියළු
 
(ඉතිරිය හෙට දිනයේදී )
(එවකට මතුගම, අගලවත්ත, බුලත්සිංහල යන ප්‍රදේශවල ජවිපෙ අණදෙන නායකයා ලෙස කටයුතු කල "මතුගම දයා" සහෝදරයාගේ ලිපියකි)
(විජේවීරගේ හඬ පහතින් අසන්න)
Rate this item
(0 votes)
Last modified on Thursday, 16 October 2014 11:02