May 11, 2024

අමරණිය 'විප්ලවවාදියකුගේ' ජීවන පෙළගැස්ම (පළමු කොටස)

රෝහණ විජේවීරයන් මෙරට දේශපාලන ගමන් මගෙහි අමතක කළ නොහැකි චරිතයකි.අදත් විශාල පිරිසක් ඔහුට ගරු කරන්නේ එබැවිනි.අද සිට විජේවීරයන් පිළිබඳ ලිපි පෙළක් දිනපතා අප විසින් පල කරන්නේ එබැවිනි 
 
රෝහණ විජේවීර සහෝදරයාගේ දේශපාලන ගුරුවරයා කොමියුනිස්‌ට්‌ පක්‍ෂ නායක එස්‌. ඒ. වික්‍රමසිංහ ය. විජේවීර වික්‍රමසිංහගේ දේශපාලන දර්ශනය හැදෑරුවේ පාසල් වියේ සිටමය. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ උසස්‌ අධ්‍යාපනය හැදෑරූ විජේවීර සිසුවා උසස්‌ පෙළ කඩ ඉමෙන් ඉහළින්ම සමත් විය. විජේවීරගේ දක්‍ෂතා හොඳින්ම අවබෝධ කරගෙන සිටි කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ පීටර් කෙනමන් විජේවීරට වැඩිදුරටත් වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා රුසියාවේ ලුමුම්බා විශ්වවිද්‍යාලට ඇතුළත්වීම සඳහා ශිෂ්‍යත්වයක්‌ ලබා දුන්නේය. වසර හයකට එම විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ රෝහණ විජේවීර දක්‍ෂ ලෙස වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටියේය. එමෙන්ම මාක්‌ස්‌, ලෙනින්වාදී දර්ශනයන් ද අධ්‍යයනය කළේය. රුසියාවේ ආණ්‌ඩු ක්‍රමය, එරට ශීඝ්‍රයෙන් දියුණු වන ආකාරය දුටු රෝහණ විජේවීර ඔහුගේ ගුරුවරයාට වරක්‌ මෙවැන්නක්‌ පවසා තිබිණි.
 
"මටත් ලංකාවට ගිහින් ඔපරේෂන් එකක්‌ තියෙනවා කරන්න. ලංකාවේ තියෙන ධනපති ආණ්‌ඩු ක්‍රමය වෙනස්‌ කරන්න ඕනෑ. කොමියුනිස්‌ට්‌ ආණ්‌ඩුවක්‌ ගොඩනැඟීමයි මගේ එකම අරමුණ."
විජේවීරගේ මුවින් පිට වන ඒ වදන්වලට හොඳින් සවන් දී සිටි ඔහුගේ ගුරුවරයා අවසානයේ මෙවැනි පිළිතුරක්‌ ලබා දී තිබිණි.
 
"ඔයා දක්‍ෂ වෛද්‍ය විද්‍යාවට නෙමෙයි. දේශපාලන විද්‍යාවටයි. මම කියන නිසා ඔයා දේශපාලන විද්‍යාවට මුල් තැන දෙන්න. දෙවනුව වෛද්‍ය විද්‍යාව හදාරන්න." යෑයි පැවසූ බව පසුකාලීනව අප සමග අඳුරු සිරකුටියක දිවි ගෙවන විට රෝහණ විජේවීර සහෝදරයා අපට පැවසීය.....(ඉතිරිය හෙට දිනයේදී )
(එවකට මතුගම, අගලවත්ත, බුලත්සිංහල යන ප්‍රදේශවල ජවිපෙ අණදෙන නායකයා ලෙස කටයුතු කල "මතුගම දයා" සහෝදරයාගේ ලිපියකි)
 
(විජේවීරගේ හඬ පහතින් අසන්න)
 
Rate this item
(0 votes)
Last modified on Friday, 10 October 2014 10:11