May 05, 2024

අධිකරණයට බලපෑම් කළ හැටි කියන්න හොඳම කෙනා මනුෂ - "කියපන්කො බලන් ඉන්නේ මාවම කන්නේ නැතුව"

December 09, 2020

අධිකරණ අමාත්‍යංශ වැය ශීර්ෂය විවාදයට ගැනෙන අද දිනයේ උදෑසන සිටම පාර්ලිමේන්තුවේ ඉතා උණුසුම් වාද විවාද ඇති විය.

අධිකරණයට බලපෑම් කරා කියන එකට හොඳම උදාහරණය තමයි මේ.. මගේ වම් පැත්තේ ඉන්න මනුෂ නානායක්කාර බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා අද (9) පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ අධිකරණ අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් පැවසීය.

එහිදී ඒ මහතා මෙසේද අදහස් දැක්විය.

"අධිකරණයට බලපෑම් කරා කියන එකට හොඳම උදාහරණය තමයි මේ මගේ වම් පැත්තේ ඉන්න මනුෂ නානායක්කාර.  මනුෂ නානායක්කාරට ජන්දෙදී ප්‍රශ්නයක් වුනා. ඊට පස්සේ  මනුෂ නානායක්කාර හැම යුටියුබ් එකේම ගිහිල්ලා මොනවද කිව්වේ? මගේ නඩුව ශේප් කරලා දුන්නේ අරලියගහ මන්දිරයට හිටපු නීතිපති මොහාන් පිරිස්ව ගෙන්නලා මේ කොල්ලව බේරලා දෙන්න කියලා මහින්ද රාජපක්ෂ කිව්වා කියලා. කියපන්කො බලන් ඉන්නේ මාවම කන්නේ නැතුව. බොරුවට මෙතන බලාගෙන ඉන්නවා. එතකොට ඒවානේ අධිකරණ බලපෑම්. අධිකරණ බලපෑම් කියන්නේ ඒවානේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 December 2020 20:04