May 06, 2024

"ඔය කතාව පිටට කියන්න එපා" - පාර්ලිමේන්තුවේ කෑම වේල ගැන නවක මන්ත්‍රීවරුන් අතර උණුසුම්කාරී තත්ත්වයක්

රුපියල් තුන්දහසක් වටිනා කෑම වේලක් රුපියල් දෙසීයකට මන්ත්‍රීවරයකුට ලබාදෙන බවට දේශකයකු පැවැසීම හේතුවෙන් නවක මන්ත්‍රීවරුන් සඳහා පැවැති වැඩමුළුවේ ඊයේ (26) සවස දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

පාර්ලිමේන්තුවේ මුදල් අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ.එස්. උපනන්ද ඊයේ (26) සවස ආහාරපාන සහ ගෘහ පාලන සේවා සහ පහසුකම් යන මාතෘකාව ඔස්සේ සිය දේශනය කළේය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයකුගේ උදෑසන ආහාරය රුපියල් 100කට, දිවා ආහාරය රුපියන් 200කට සහ කෙටි ආහාර රුපියල් 50ක මුලකට ලබා දෙන බවයි.

මන්ත්‍රීවරයකුට රුපියල් 200ක මිලකට ලබා දෙන්නේ රුපියල් 3000ක් වටිනා ආහාරවේලක් බව ඔහු ප්‍රකාශ කළේය. ඒ අවස්ථාවේදී නවක මන්ත්‍රීවරුන් නොසන්සුන් වූහ.

රාජ්‍ය ඇමැතිනි සීතා අරඹේපොල – "අපි මේ දවස් දෙකේ ඔය කියන ආහාරවේල ගත්තා. මේ කෑම වේල රුපියල් 3000ක් වටිනවද?"

මන්ත්‍රීවරු – "ඔය කතාව පිටට කියන්න එපා 3000 කෑම එක 200ට දෙනවා කීවාම අපටත් ලජ්ජයි. ඕක සමාජගත කරන්න එපා."

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත – "අපිට පෙනෙන්නේ නෑ මේ කෑම වේල 3000ක් වටිනා කියලා. අපි කිසිම කෙනෙකුට කෑම එපා. අපිට පුළුවන් ගෙදරින් ගෙනැවිත් කන්න."

රාජ්‍ය ඇමැති සීතා අරඹේපොල – "මම හොයලා බැලුවා කෝ මේ තුන්දාහේ බු​ෆේ එක කියලා. මම හිතනාව වැරදි තැනකටද ඇවිත් ඉන්නේ කියලා. මේ මතය සමාජ ගතවූ නිසා තමයි මිනිස්සු පාර්ලිමේන්තුවට වයිර කරන්නේ.

සහකාර ලේකම් ටිකිරි ජයතිලක – මන්ත්‍රීවරුන් දෙසිය විසිපහෙන් කෑම එකක් කාපු නැති අයත් ඉන්නවා.

මන්ත්‍රීවරුන් – මේ වැදගත් වැඩමුළුව අන්තිමට මාධ්‍යවල යන්නේ ඔය කතාව. අපි ආසාවෙන් හිටියා මේ වැඩමුළුවේ. දැන් කනගාටු වෙනවා. හොඳ වෙලාවට පබ්ලික් මීඩියා ඇකුළගෙන ගිහින්. මෙතන නෑ. දවස් දෙකම ඉවරයි මේ වචනෙත් එක්ක.

නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල – මෙතැනදී අදහස් කළේ ආහාර වේලක පිරිවැය ගැන.

මන්ත්‍රීවරුන් – ඒ පිරිවැය වැරදියි. අපි ඕනේ නම් පිරිවැය හදලා දෙන්නම්. ඔය ක්‍රමය වැරදියි.

නීල් ඉද්ද​ෙවල – සාමාන්‍ය පාර්ලිමේන්තු දවසකට ආහාර ගන්නවා දෙදහසකට වඩා පිරිසක්. අයවැය දවසට තුන්දහසකට වඩා ආහාර ගන්නවා.

මන්ත්‍රීවරයෙක් – පාර්ලිමේන්තුවේ සියලුදෙනාට ආහාර දෙනවද?

නීල් ඉද්ද​ෙවල – ඔව්. පොලිසියට, බැංකුවට, තැපැල් කාර්යාලයට, විදුලි බල මණ්ඩලයේ අයට කෑම දෙනවා.

මන්ත්‍රීවරුන් – 225 දෙනාම එළියෙන් කෑම ගෙනවා නම් හොඳයි.

නියෝජ්‍ය ලේකම් – ඉදිරියේදී තීරණය කරමු.

මන්ත්‍රීවරු – මේ වගේ දෙයක් මාධ්‍යයට ගියොත් ඔක්කොම ඉවරයි. ගෙදරටවත් යන්න විදිහක් නැති වෙනවා. අපි ඉන්නේ අපහසුතාවයෙන් මෙච්චර කාලයකට අනුන් කාපුවත් අපේ පිටින් ගිහින් තියෙන්නේ. අපි පිටින් කෑම එක ගේන්නම්. කෑම එකේ රුපියල් දෙසීය අපේ වැටුප එකතු කරන්න.

නියෝජ්‍ය ලේකම් – දැන් විගණන අංශයෙන් පණිවුඩයක් ආවා. මාළු කෑම එක රුපියල් 950යි. එළවළු කෑම එක රුපියල් 629යි.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 October 2020 16:57

Related items