May 07, 2024

"නායකත්වයෙන් ඉවත් වෙන්න" කියා දුන් ලිපිය රනිල් හාමුදුරුවන්ගේ මුණට දමල ගහලා?

පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතික පක්ෂ භික්ෂු පෙරමුණ පවසයි.

අදාළ ඉල්ලීම රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කළ බව එහි ප්‍රධාන ලේකම් පූජ්‍ය තිනියාවල පාලිත හිමියෝ සඳහන් කළහ.

වසර 26ක පමණ කාලයක් නායකත්වයේ සිට කර ගැනීමට අපහසු වු කාරණා බොහෝමයක් ඇති උන්වහන්සේ පැවසූහ.

“ගත්ත තීරණ සියයට සියක් වැරදි නිසානේ අද මේ තත්ත්වයට පත් වුණේ. අපි ඒ තුමා එක්ක පෞද්ගලිකවත් කතා කළා. පොදුවේත් කතා කළා. මේ ලියුම හදලා, බොහෝම ගෞරවයෙන් බාර දුන්නහම අපේ බෝපිටියේ හාමුදුරුවන්ගේ මුණට දමලා ගහනවා නම් මේක මම භාර ගන්නේ නැහැ කියලා.. එවන් නායකයෙක් සමග අපි කොහොම ද ඉදිරි ගමන යන්නේ? “ යනුවෙන් ද උන්වහන්සේ මෙහිදී පැවසීය.

“රනිල් වික්‍රමසිංහ මහතාට හාමුදුරුවරු 10ක් හොයා ගන්න බැරි තත්ත්වයට අනාගතයේ දී පත්වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා සමග මේ ඉන්න 14,000ක් වු සංඝයා හෝ එකතුව ඉන්නවා. මොකද එතුමා හාමුදුරුවන්ට ගෞරවයක් තියෙනවා.“ යනුවෙන් පූජ්‍ය තිනියාවල පාලිත හිමි වැඩිදුරටත් පැවසූහ. 

ඒ හිමියෝ මේ බව පැවසූවේ ඊයේ (19) පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 12 October 2020 16:59