May 06, 2024

දයාසිරිට කැබිනට් ඇමැතිකමක් නෑ - ශ්‍රීලනිපයේ ඇමැති ධූරවලට නම් තුනක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් ඇමතිධුර තුනක් ලබා දීමට එකඟතාවය පළ වී ඇති බව වාර්තා වෙයි.

එම ඇමති ධුර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් ද සිල්වා සහ මහින්ද අමරවිර යන මහත්වරුන්ට ලැබෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසීය.

කෙසේවෙතත් මෙහිදී වාර්තා වන විශේෂ කරුණ වන්නේ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා නොදීමට තීන්දු කර තිබීමයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයක් මතුව ඇති අතර දයාසිරි ජයසේකර මහතාට අමාත්‍ය තනතුරක් ලබා ගැනීමට මේ වනවිටත් උත්සහ දරමින් සිටින බවයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 12 October 2020 17:01