May 07, 2024

පාර්ලිමේන්තුවේ සක්‍රීය සහ අක්‍රීය මන්ත්‍රීවරු - මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පැමිණ ඇත්තේ මෙහෙමයි

225ම එපා කියන ආකල්පය මත ජනතාවට මන්ත්‍රීවරුන් ගැන ඇත්තේ අප්‍රසන්න අත්දැකීම් සහිත චෝදනා රැසකි. ඒ නිසා පසුගිය පාර්ලිමේන්තුවේදී ජනතා නියෝජිතයින් ලෙස ව්‍යවස්ථාදායකය තුළ සිය ජනතා අපේක්ෂාවන් ඉටු කරමින් රටේ නීති සම්පාදනයට, ජනතා ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමට සිය මන්ත්‍රීවරුන් දැක්වූ කාර්යභාරය ගැන ජනතාවට විවේචන රැසක් ඇතිව තිබේ.

මේ පිළිබඳ සොයා බැලීමේදී පෙනී ගිය කාරණයක් වන්නේ ඇතැම් මන්ත්‍රීවරුන් ජනතා ගැටලු ගැන කතා කිරීමට නොව අඩුම තරමේ පාර්ලිමේන්තුවට පැමිණීමවත් සිදුකර නොමැති බවයි. ඒ අනුව පාර්ලිමේන්තු පැමිණීම, පාර්ලිමේන්තුව නියෝජනය කළ වාර ගණන, දායකත්වය දැක්වූ විෂයන් ගණන යන කරුණු මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රේණිගත කිරීමට manthri.lk වෙබ් අඩවිය කටයුතු කර තිබේ.

එම ශ්‍රේණිගත කිරීමට අනුව පැවති පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වයෙන් ඉදිරියෙන්ම සිටින පළමු දස දෙනා අතරට පැමිණ ඇති මන්ත්‍රීවරුන් වන්නේ පිළිවෙලින් අනුර කුමාර දිසානායක, බිමල් රත්නායක, නලින්ද ජයතිස්ස, ගයන්ත කරුණාතිලක, සුනිල් හඳුන්නෙත්ති, ඩග්ලස් දේවානන්ද, බන්දුල ගුණවර්ධන, බුද්ධික පතිරණ, ශ්‍රීතරන්, ඥානමුත්තු ශ්‍රිනේෂන් යන මන්ත්‍රීවරුන්ය.

Image may contain: 10 people

පැවති පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වයෙන් පසුපසින් සිටින මන්ත්‍රීවරු වන්නේ ජනක බණ්ඩාර තෙන්නකෝන්, සිරිපාල ගම්ලත්, සිරිනාල්ද මෙල්, ප්‍රේමලාල් ජයසේකර, ලොහාන් රත්වත්තේ,  දුලිප් විජේසේකර, තේනුක විදානගමගේ, එම්.එස්. තෞෆික්, ලක්ෂ්මන් විජේමාන්න යන මන්ත්‍රීවරුන්ය.

මේ අතර පාර්ලිමේන්තු පැමිණීම අනුව සියයට 98ක ප්‍රතිශයක් හිමි වන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතාටය. ඔහු පාර්ලිමේන්තු නියෝජනය කළ වාර ගණණ 354කි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොළොන්නරුවෙන් පාර්ලිමේන්තුවට නියෝජනය කළ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත්තේ වාර 21කි.  ඔහුගේ පාර්ලිමේන්තු පැමිණීමේ ප්‍රතිශතය සියයට 23කි. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන වාසුදේව නානායක්කාර වැනි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් පවා පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ඉතා ඉහල අගයක් ගෙන තිබේ. ඔහු පැමිණ ඇති වාර ගණන 637කි. පාර්ලිමේන්තු පැමිණීමේ ප්‍රතිශතය සියයට 85කි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන ආර් සම්බන්ධන් මහතාද පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති වාර ගණන 96කි. එහි ප්‍රතිශතය සියයට 65කි. ඔහුගේ වයස්ගත භාවය නිසා ඔහු පැමිණිනෙන්නේද ඉතා අපහසුවෙනි. එහෙත් ඔහුද පාර්ලිමේන්තුව නියෝජනය කරමින් දායකත්වය සැපයූ විෂයන් ගණන 13කි.

පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පැමිණීම දිරිමත් කිරීම සඳහා රුපියල් 500ක්ව පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ දිමනාව රුපියල් 2500ක් දක්වා ඉහළ දැමිණි.

මෙලෙස පාර්ලිමේන්තුවට සහභාගිවන මන්ත්‍රීවරුන් පවා බොහෝදුරට පාර්ලිමේන්තුවේ රැඳී සිටින්නේ පළමු පැය ඇතුළත පමණක් බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

 

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 July 2020 12:22