May 04, 2024

"රනිල් මට කියන්න කිව්වා.. ඒක කැරකිලා මට ආවා" - රනිල් හරීන්ට ලණුවක් දීලා

පසුගිය ජනාධිපතිවරණයේදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කතෝලික ඡන්ද වෙනත් මඟකට යොමුකරමින් දේශපාලන ක්‍රියාවලියක නිරත වූ බව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (21) සමගි ජන බලවේගයේ පොළොන්නරුව මැදිරිගිරිය ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමිි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

“බදුල්ලේ ඉඳන් මම කොළඹට ආවා. මම තාත්තාගෙන් ඇහුවා දන්න විදිහ. CID නිලධාරියෙක් කියලා තියෙන්නේ. මාව CID යට අට පාරක් ගෙනාවා. මමද මේක කළේ? හිටපු ජනපති දන්නේ නැහැ කියනවා. රනිල් මට කියන්න කිව්වා. මාත් ඒක මාධ්‍යයට කිව්වා. ඒක කැරකිලා මට ආවා. තොරතුරු කලින් ඇවිල්ලා තියෙනවා. පිටිපස්සේ තියෙන්නේ වෙන සෙල්ලමක්. රටේ නායකයෙක් ආවා. ගෝඨාභය - 52% සජිත් - 42%. මෙතන ගේම බලන්න. ගෝඨාභයගේ ගොඩෙන් 5% ක් සජිත්ට ආවානම්. ප්‍රතිශත සමාන වෙනවා. 5% වෙනස් කළේ කවුද? හිතාගන්න පුළුවන් නේද?. කතෝලික ඡන්දවලට පහර ගැහුවා. අගරදගුරු හිමියන් වෙත ගියා එයා දුන්නා මරු දේශපාලනය. මටත් කතෝලික සම්භවයක් තියෙන්නේ. අගරදගුරු දේශපාලනය කිරීම ගැන හිරිකිතයි. මම ඇමතුමක් දුන්නා. උන්වහන්සේ කළ ප්‍රකාශය. දේශපාලනය කළේ. 5% ගේමේ ඇතුළේ හිටපු මිනිස්සු මේ“ 

Rate this item
(1 Vote)