May 12, 2024

උපදෙස් දෙනවට වික්ටර් අයිවන්ගේ ගාන කීයද?

”පොඩි අතුල”  1971 සිදු වූ තරුණ අරගලයෙහි සන්නද්ධ සටන්කාමියෙකි. ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයේ නායකයෙකු ලෙස සමාජගත වන ඔහු, පසු යුගයකදී මාධ්‍යවේදියෙකු වශයෙන් පමණක් නොව රජුන් තනන්නකු හා ආණ්ඩුවල නොනිල උපදේශකයෙකු ලෙසද කටයුතු කළ බව නොරහසකි.
 
ඔහුගේ ජීවිතයේ රහස් තැන් බොහෝ ඇති අතර, ක‍්‍රියාකාරම් හා ප‍්‍රකාශයන් විවාදයට ලක් විය යුතු තරම්ය. අද රට පත්ව ඇති ව්‍යසනයෙන් මිදෙන්නට පොදු අපේක්ෂකයෙකු පිළිබ`ද වූ කතිකාව ජනතාව අතර පැතිරෙද්දී එදා සිටි ”පොඩි අතුල””වික්ටර් අයිවන්”ලෙසින් විද්වත් කතිකාවතකට පිවිස සිටී. ජේ.ආර්. ජයවර්ධන යුගයේ සිට රාජපක්ෂ යුගය දක්වා ඔහුගේ මාධ්‍ය හැසිරවීම විවාදයට ලක්වන අතර, තමන්ගේ මතවාදයන් සමාජය තුළ රෝපණය කර තමන්ට වාසි දායක වටාපිටාවක් නිර්මාණය කර ගැනීමට උත්සාහ දැරීම අදද සිදුවන හෙයින් ඔහු ගැන ලිවීමට සිදුව තිබේ.
 
බොහෝ දේශපාලන පක්ෂවල හා සමාජ සංවිධාන වල සහයෝගයෙන් සාධාරණ සමාජයක් ස`දහා වූ ජාතික ව්‍යාපාරයේ රැුස්වීමක් පසුගියදා පැවති අතර, වික්ටර් අයිවන්ද ඊට සහභාගි වී තිබේ. එදා එහි සිටි මාධ්‍යවේදියෙකු කීවේ එම රැුස්වීමේ සිටි චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය වික්ටර් අයිවන්ගේ කතාවට පෙර නැගිට ගිය බවත්, ඊට මොහොතකට පසු රනිල් වික‍්‍රමසිංහද ගිය බවත්ය.
 
වික්ටර් අයිවන්ට අනුව මෙරට පහළ වූ නරකම ජනාධිපති චන්ද්‍රිකාය. ඉතාම ඉහළින් විධායක බලය පාවිච්චි කළේ ඇයයි. මුදල් භවභෝග සම්පත් ඉපයූවේ ඇයයි. ඔහුට අනුව චෞර රැුජිණක් වූ චන්ද්‍රිකා රැුස්වීමෙන් ඉවත්ව යාම අපට සිහි කළේ 94 යුගයේ වික්ටර් අයිවන් රග දැක්වූ චරිතයයි.
                                                                   
 
රාවය ස`ගරාවක් ලෙස පැවති යුගයේ සිට පුවත්පතක් ලෙස අවතීර්ණ වූ යුගය පුරා වික්ටර් අයිවන් මා දැක්කේ අදීන -නිර්භය ජනමාධ්‍යවේදියෙකු ලෙසය. කලක් මේ ලියුම්කරුද රාවයේ අකුරු කළේ ඒ පැහැදීම නිසාවෙනි. 
 
ඔහු සතු දස්කම් එමට විය. ශ‍්‍රී ලංකාවේ දේශපාලනය - පවුල්වාදය - බල අරගල- ජාතික ප‍්‍රශ්නය - කුල ප‍්‍රශ්නය හා ආර්ථික පාදඩකරණය නීතියේ සාධාරණත්වය ගැන වික්ටර් අයිවන්ගේ දැනුම සහ මැදිහත් වීම් සුවිශේෂි බව නොකීවොත් එය අඩුවකි. ඔහු මුල්වී එදා බිහි කළ රාවය වෙළ`දපළ ජය නොගත්තත් කිසියම් ජනතාවාදී සුවිශේෂි රාමුවක පවතී. ඒ සියල්ල උපයෝගී කර ගනිමින් රාජ්‍ය නායකයන් හා රටේ ප‍්‍රභූන් විශේෂයෙන් ව්‍යාපාරිකයන් ඇසුරු කරමින් පෑ ඒ භූමිකාව අද නම් බෙහෙවින් සැක සහිතය. විවාද සම්පන්නය. අද විප්ලවයට හා සන්නද්ධ අරගලයන්ට එරෙහි වන ඔහු එදා අවි- ආයුධ - බෝම්බ කෙරෙහි විශ්වාසය තැබුවේය.
 
1994 මහ මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසු  නන්දිමිත‍්‍ර ඒකනායක සමග චන්ද්‍රිකා හමුවීමට රොස්මීඞ්  ගේට්ටු වසාගෙන නොනිල ඇමතිවරු තේරීමක් එහි සිදුවූ අතර චන්ද්‍රිකාට චෞර රැුජිණ යයි කියූ වික්ටර් අයිවන්ද එහි සැටියක වාඩි වී උපදෙස් දෙන අයුරු දිස්විය. ඇමතිවරු පත් කිරීමට තරම් එදා වික්ටර් අයිවන් ප‍්‍රබලයෙකු විය.
                                                              
 
චන්ද්‍රිකාගේ පාලන යුගයේ පසුකාලීනව ඇය සමග විරසක වී එ.ජා.ප. වෙත නැඹුරු වූ ආකාරයද - ආණ්ඩු පෙරළීමට රනිල්ට උපකාර වූ ආකාරයද රටට නොරහසකි. ඒ යුගයේ රාවය බෙදා හැරීම හා අනෙකුත් කටයුතු වලට යූ.එන්.පී.යේ උදව් උපකාර නොගත්තේ යැයි අයිවන්ට කිව හැකිද? බේරේ වැව අද්දර දැන් කඩාදමා ඇති කොමර්ෂල් ගොඩනැගිල්ලේ ලසන්ත වික‍්‍රමතුංග සන්ඬේ ලීඩර් කාර්යාලය පවත්වාගෙන ගිය අවදියේ සතොස ආයතනය හා වික්ටර් අයිවන්ට තිබූ ගනුදෙණුව කුමක්ද?
 
වික්ටර් අයිවන් සතු දැවැන්ත සිවිල් බලය ඔහු වරෙක යොදා ගන්නේ තමාගේ වාසියට බව පෙනෙන්නට තිබේ. මේ රටේ ඇතැම් පිරිස් වික්ටර් අයිවන් ක්‍ෂ් වැනි රහස් සංවිධානයක ඒජන්තයෙකු බව කියන්නේද ඔහුගේ මේ ගුප්ත චර්යාවන් නිසා විය හැක. සත්‍ය වශයෙන්ම ඔහුට යම් තානාපති කාර්යාල හා ගණුදෙනු තිබේ.
 
එදා ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනය ආරම්භ කර, පසු කාලීනව දේශපාලන පක්ෂ හා නායකයන් ගණනාවක් සම`ග හා ප‍්‍රබල ව්‍යාපාරිකයන් හා තානාපති නිලධාරීන් සම`ග සබ`දතා පවත්වමින් වික්ටර් අයිවන් කළ දේශපාලනය ක‍්‍රියාදාමය විනිවිද භාවයෙන් තොරය. එහි පෞද්ගලික අරමුණු ගැබ්වී තිබෙනු පෙනේ. ඔහුම කියනා පරිදි 1994 ජයග‍්‍රහණය මෙන් මීළ`ග ජයග‍්‍රහණයත් ෂඪ්භ ගේ ජයග‍්‍රහණයක් නොවී ජනතාවගේ ජයග‍්‍රහණයක් වීමට ඉඩ ලබා දීම ඔහුගේ යුතුකමකි.
(ඞී.බී. ඇල්කඩුව)
Rate this item
(0 votes)