May 11, 2024

අාදරණීය අම්මාට 'සඳා' ලියූ ලිපිය

(ලංකා පුවත්පත)
අම්මගෙ ලියමන ලැබුණා. ලොකු අයියලා මේ දවස්වල අවුලෙන් අවුලට වැටිලා නේ ද? පුතාගේ ශිෂ්‍යත්වෙ මදිවට මේ දවස්වල ගම පුරා වතුර පොදක් නෑ කියලා අම්මලා ලියලා එව්වහම මගෙ පපුව හෝස් ගාලා ගියා. කන්න හතරක කුඹුරු වැඩ කරන්න නැතුව, නාන්න බොන්න වතුර නැතුව, බොහොම අමාරුවෙන් ජීවත්වෙනව ඇති නේද අම්මේ, අයියලා. ලොකු අයියා කතා කරද්දි මට ඔය වගක් නිකමටවත් කීවෙ නෑ. ළමයගේ විභාගේ ගැනම මහන්සි වෙන නිසා වෙන්න ඇති නොකියන්න ඇත්තේ.
සමහර මිනිස්සු ගෙදර ළිඳේ වතුර විකුණද්දි අයියලා වැව් පතුල් හාරනවා.
 
බවුසර් එනකම් දවස් ගානක් බලා ඉන්නවා ඇති ලොකු අයියා පාරට වෙලා. කන්න බොන්න දෙයක් අරගෙන අපි යන්නෙවත් කොහොම ද අම්මේ තකහනියේ. විදුර කියනවා, එයා බඩු මොනවා හරි අරගෙන කෝච්චියෙන් ගිහින් දීලා එන්නම්ලූ. බවුසර් වලින් ඉඳලා හිටලා හරි හම්බුවෙන වතුර ටිකවත් කොහෙන් ගේන ඒවද දන්නෙ නෑ අම්මේ. පල් වුණ ඇළ මාර්ගවලට බටේදාලා අදිනවා ඇති. පුංචි දරුවන්ට ලෙඩ හැදෙයිද දන්නෙ නෑ. ඒ වතුර පාවිච්චි කරලා.
 
ආණ්ඩුවෙන් ඇවිත් ගස් කපලා පටවන තරමට කොහෙන් වතුර හැදෙන්නද අම්මෙ.? ගහක් පේන්න බෑ. කපාගෙන යනවා කියලා විදුර කියන්නේ. මන්තී‍්‍රලාගෙ හිතවත් අයට ලී පර්මිට් දෙනවා. ඒ මිනිස්සු ලී ඉරන මැෂින්වලින් වල් ගස්ටික පවා කපනවා. ගමකට ඇති ඒ එක මැෂින් එකක් තිබ්බ නම්. විදුර කියන්නෙ ඒ මැෂින් එකට මාරයා කියලා. ඉතිං වතුර කොයින් ද? දැන් ගමේ උනත් වතුර ටික වැහිකාලෙටවත් රැුඳිලා තියෙන්නෙ නෑ. ඉක්මනට බැහැලා යනවා. පරිසර විනාසෙ තරම තවම මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ කියලා විදුර කියන්නේ.
 
දේශපාලන බලපුළුවන්කාරයො තම තමන්ට කැමති විදිහට ගස් කපලා, කොන්කි‍්‍රීට් ගෙවල් ගහනවා සංවර්ධනේ කියලා. අවසානේ යන එනමං නැතිව ලෙඩින් දුකින් නියෙ`ගන් දුක් විඳින්නේ අපේ මිනිස්සු. සල්ලි තියෙන මිනිස්සුන්ට, දේශපාලන හයිකාරයන්ට ඔවයෑ. විපාක ලැබෙන්නෙ නැත්තේ එයාලා සැප කාමරවල ඉන්න නිසා. අපිට ඒ ගැන ඉරිසියාවක් නෑ අම්මේ. ඒත් ඒ මිනිස්සුන්ගෙ වැඩ නිසා දුක් විඳින්න වෙලා තියෙන්නෙ අපිට. මට දුකයි ලොකු අයියලා ගැන.
 
සංවර්ධනේ කියලා වියදම් කරන මුදලින්, වතුර නැති මිනිස්සුන්ට වතුර දෙන්න ක‍්‍රමයක් හදන්න  ඕන කියන එක ගැන ලොකු මිනිස්සුන්ට ගානක්වත් නෑ.
ලොකු අයියලත් මේ රටේම මිනිස්සු නේද කියලා කාටවත් හිතෙන්නෙ නැත්තෙ ඇයි අම්මෙ.
-මීට- දුව - සඳා-
Rate this item
(0 votes)