May 12, 2024

පොලිtical කවිය - 'වැඩි වන බද්ද'

කර   වල හාල් මැස්සන් සහ තිරිඟු                 පිටි
අර    ගෙන ගිහින් දරු පවුලක් රකින            හැටි
කර   වෙන කබල මත දිනකට හැදෙන       රොටි
හැර   නැත කෙනෙකු දන්නේ ජීවිතයෙ        හැටි
 
මහ    ජනයාට නොකියා රහසින්                ඇද්ද
කහ    කුඩු සීයෙ රුපියල් විසිදෙක               බද්ද
අහ     කට කලොත් ලිප මත උතුරන        හොද්ද
රහ    ගුණ තවත් වැඩි වේවිද ? හොඳ          නැද්ද
 
ඵක      සිය පහක බද්දක් ලොකු සැමන්         වල
දැක     ගත හැකිද බැළුවත් කොයි ලෙසින්     බිල
උක     සට තබා ජන ජීවිත අවුල්                   කල
මොක ටද මෙහෙම රජයක් මේ රටෙන්       බොල
 
කිරි    පිටි වලට පටවන බදු බරට                   තැලී
පෙරි  පෙරි කඳුළු දරුවන් උණු වතුර                ගිලී
දිරි     වෙර නොමැති මව්වරු බඩ පිටට           ඇලී
බැරි   බර අදින්නට තැන තැන කරති              කුලී
 
සූදුරු කොත්ත මල්ලිද  සුදු ළුණු                        වල
මේ හොරු ගහන බදු ඉවතට දැමුව                   කල
නෑ බොරු අඩක් අඩු වී බඩු තිබෙන                  මිල
කීකරු හෙටක් බිහි වෙයි දී හැමට                     පල
 
කන     බොන දේට මේ විදිහට ගහල                 බදු
වෙන    නෑ රටක් ජනතාවට කඳුළු                   බෙදු
දැන     හෝ නොදැන මේ පාලකයන්ව             හැදු
තැන   අපි වෙනස් කර ගත යුතු නැතිද                සුදු
 
පොඩි  මිනිසුන්ගෙ බඩ වියතට නොකර            ගරු
මඩි       තර කරන් අද සුර සැප විඳින             හොරු
කොඩි  වින කරන මේ වැනි ක්‍රම තිබෙන           තුරු
වැඩි     වෙයි බද්ද ? බඩු මිල අඩු කරනු          බොරු
(උපුටා ගැනීම - http://kavibeduma.blogspot.com)
Rate this item
(0 votes)