April 30, 2024

ඇමති ජෝන්ගේ ඡායාරූපය ලඟ තබා ගත් පුද්ගලයින් සොයා පරීක්ෂණ

මේ දිනවල සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට සම්බන්ධ නිරුවත් ඡායාරූපයක් පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරික්ෂණයක් අරඹා ඇත.

මෙම ඡායාරූපය තවදුරටත් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු සොයමින් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් අාරංචි මාර්ග පැවසී ය.

මෙවැනි අසභ්‍ය ඡායාරූප ප්‍රසිද්ධියේ පළ කිරීම නීති විරෝධි වන අතර එවැනි ඡායාරූප ලඟ තබා ගැනීම නීතිමය වරදක් බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් මේවන තෙක් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැත.

 

Rate this item
(0 votes)