April 30, 2024

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට සිංගප්පූරු රජය සමග ලිපි ගොනු හුවමාරු වෙලා

මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තු දෙකක් මේ වෙනකොටත් නිකුත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

උදයංග වීරතුංගට රතු නිවේදනය යවා ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන්ට රතු නිවේදනය යැවීමට කලින් බව වාර්තා වේ.

මේවන විටත් සියලු ගුවන්තොටුපලවලට අර්ජුන් මහේන්ද්‍රන්ට රතු නිවේදනය ප්‍රදර්ශණය කර ඇති බව වාර්තා වේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීමට අදාල කාරණා සඳහා ශ්‍රී ලංකා රජය විසින් අදාල ලිපිගොනු සිංගප්පූරු රජයට යොමු කර ඇති බවත් අර්ජුන් මහේන්ද්‍රන්ට අදාලව සිංගප්පූරු රජය විසින් තවත් ලිපි ගොනු ඉල්ලා ඇති අතර මේවන තෙක්ද සිංගප්පූරු රජය සහ ශ්‍රී ලංකා රජය ඊට අදාල ලිපිගොනු විටින් විට හුවමාරු කර ගෙන ඇති බවත්ය.

එම ලිපිගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබෙන බවත් එම ලිපිගොනු අදාල පරීක්ෂණ සඳහා යොමු කරන බවත් වාර්තා වේ. මේ අතර අද දිනයේදීත් අදාල බලධාරීන් විසින් මෙරටට ලිපියක් එවා තිබෙන බව වාර්තා වේ.

අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය විසින් නිකුත් කළ රතු නිවේදන ජාත්‍යන්තර පොලිස් නිල වෙබ් අඩවියේ පල නොකර ඇත්තේ ඒ සඳහා කාරණා 05ක් සම්පූර්ණ විය යුතු නිසා බවත් ඊට හේතුව 2013දී මානව හිමිකම් සංවිධාන විසින් කළ ඉල්ලීමක් නිසා බවත් වාර්තා වේ.

නමුත් අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට අදාල ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදනය නිකුත් කර ඇති බවත් ඒ අනුව ඕනෑම අවස්ථාවක ගුවන්තොටුපොලකදී ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ඇති බවත් එම ආරංචි මාර්ග පැවසීය.

කෙසේවෙතත් අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනිමට ශ්‍රී ලංකාව මේ වන විට ලිඛිතව හා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

 

 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 21 March 2019 16:28