April 30, 2024

මෛත්‍රී - මහින්ද - රනිල් - චන්ද්‍රිකා එකම වේදිකාවේ

මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වන ලද උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

වසර 1989 දී ප‍්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරිපත් වූ මංගල සමරවීර මහතා එදා මෙදා තුර අමාත්‍ය ධූර ගණනාවක් හොබවමින් රටේත්, මාතර පුරවරයේත් ජනතාවගේ දියණුව වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළේය.

“සිහිනය වෙනුවෙන් ඛේමාගේ කොලුවා“ නමින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළේ තමාට පැවරෙන සෑම වගකීමක්ම දැඩි කැපවීමෙන් ඉටුකරන මංගල සමරවීර අමාත්‍යවරයා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංහිඳියාව ගරු කරන දේශපාලනඥයෙක් බවයි.

ඔහුගේ 30 වසරක දේශපාලන දිවිය ඇගැයීමට ලක් කළ ජනාධිපතිවරයා ඉදිරි කටයුතු වෙනුවෙන් ද සිය ආශිර්වාදය පළ කළේය.

මෙම උත්සවයේ ප‍්‍රධාන දේශනය එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනි සැමැන්තා පවර් මහත්මිය විසින් සිදු කරනු ලැබුවාය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ආර්. සම්බන්ධන් යන මහත්ම මහත්මින් සහ රාජ්‍ය නිලධාරින්, විදෙස් තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

Rate this item
(0 votes)