May 05, 2024

මංගලගේ ජනමාධ්‍ය ඇමැතිධූරය රුවන්ට

February 20, 2019

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා යටතේ තිබෙන ජනමාධ්‍ය විෂය ඉවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පැවසීය.

ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත් කරන්නැයි අගමැතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍යධූරයේ හෙට(21) දිනයේදී ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිත බව එම ආරංචි මාර්ග පැවසී ය.

එම ඉල්ලීමත් සමඟ ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ගෙන්වා සාකච්ඡා කර තිබේ. එහිදී ජනාධිපතිවරයා ජනමාධ්‍ය ඇමැති ධූරයේ බැරෑරුම්කම පෙන්වා දෙමින් රුවන් විජයවර්ධන ඇමැතිවරයාට සඳහන්  ඇත්තේ “ඔයා ගුණයහපත් කෙනෙක්. ඒ නිසා ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම ලේසි නෑ. හොඳට කට තියෙන හයිය තියෙන කෙනෙක් ඕන.”

එම අවස්ථාවේදී රුවන් විජයවර්ධන ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කිරීමට කැමැති බවයි.

Rate this item
(0 votes)