April 28, 2024

ශ්‍රීලනිපය විශේෂ සමුළුවක් කැඳවයි! සංවිධාන කටයුතු දුමින්ද අතේ

November 28, 2018

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් දෙසැම්බර් 04 වනදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් පවතී.

වාරිමාර්ග,ජල සම්පත් හා අාපදා කළමනාකරණ අමාත්‍ය, ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වෙයන් ශ්‍රීලනිප ප්‍රබලයින් අැතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (27) ශ්‍රීලනිප මූලස්ථානයේ මෙම සමුළුව පිලිබද විශේෂ සාකච්ජාවක් පැවැත්විණ.

මෙම විශේෂ සමුළුව ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එහි සංවිධාන කටයුතු සහ සියලු වගකීම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට පැවරී තිබේ. ඔහු හිටපු ශ්‍රීලනිප මහ ලේකම්වරයා ලෙස පසුගිය සමයේ සිදුකළ සියලු වගකීම් හා සංවිධානයන් ඒ අයුරින්ම මේවන විටත් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

4 වනදා පැවැත්වෙන පක්ෂයේ විශේෂ සමුළුවේ සම්පුර්ණ වගකීම දුමින්ද දිසානායක මහතා විසින් භාර ගෙන ඇත. ජනාධිපතිවරයා සමග නිදහස් පක්ෂය ඉදිරියටම ගෙනයාමට තමා සුදානම් බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

පසුගිය සති කිහිපය පුරාම දුමින්ද දිසානායක අමාත්‍යවරයා ප්‍රසිද්ධ වේදිකාවේ පෙනී නොසිටීම නිසා මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔහු වත්මන් අාණ්ඩුවට සහය පළ නොකර ස්වාධීනව කටයුතු කරන බවයි. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 November 2018 01:36