April 28, 2024

‍තව ඇමැතිවරු 05ක් දිවුරුම් දුන් සැණින් එජාපයේ ප්‍රබලයෙකු ආණ්ඩුවට

November 02, 2018

තවත් ඇමැතිවරුන් 05 දෙනෙකු දිවුරුම් දීමෙන් අනතුරුව එජාපයේ ප්‍රබල ඇමැතිවරයෙකු අලුත් ආණ්ඩුවේ ඇමැති ධූරයක් ලබා ගැනීමට සූදානම් බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පැවසී ය.

මෙම ඇමැතිවරයා සිංහල බෞද්ධ පදනමක් ඇති එජාපයේ ප්‍රබලයෙකු වන අතර ඔහු මේවන විටත් අලුත් ආණ්ඩුවේ ඇමැතිවරුන් සමඟ සාකච්ඡා කර තිබේ.

මේවන විට රනිල් වික්‍රමසිංහ මහතා වටා සිටි එජාප ප්‍රබලයින් රැසක් ආණ්ඩුවට සහය දීමට කැමැත්ත පළ කර ඇති බවත් ඒ අනුව ඇතැම් මන්ත්‍රීවරුන් ඇමැති ධූර ලබාගන්නා අතර ඇතැම් මන්ත්‍රීවරුන් ඇමැතිධූර ලබා නොගෙන ආණ්ඩුවට සහය දීමට කැමැත්ත පළ කර ඇතැයි එම ආරංචි මාර්ග පැවසී ය.

Rate this item
(2 votes)