May 07, 2024

රනිල් - මෝදි හමුව ගැන නිකුත් කළ නිවේදන දෙක පරස්පරයි

පසුගිය 20 වනදා ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ඉන්දියාවේදී එරට අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි හමුවූ අවස්ථාවේ දී සිදු වූ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවේ කරුණු විස්තරාත්මක ලෙස හෙළි කරමින් ශ්‍රී ලංකා අගමැති කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කර තිබූ අතර ඉන්දීය රජය විසින්ද නිල නිවේදනයක් නිකුත් කර තිබිණි.

නමුත් එහි පැහැදිලි වන කරුණ වන්නේ එම නිවේදන දෙකෙහි පරස්පරතාවක් පවතින බවයි.

ශ්‍රී ලංකා අගමැති කාර්යාලය නිල නිවේදනයේ පැහැදිලි ලෙසම දක්වා ඇත්තේ ඉන්දීය අගමතිවරයා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ තර්ජනාත්මක ලෙස බලපෑම් කළ බවකි.

ශ්‍රී ලංකාවේ අගමැතිවරයා නිකුත් කළ නිවේදනයේ සදහන් කර ඇත්තේ "ඉන්දු-ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් දක්නට ලැබීම තමන්ගේ කනස්සල්ලට හා කණගාටුවට හේතු වී ඇති බවත්, තමා (මෝදි අගමැතිවරයා) පිළිබඳ හෝ ඉන්දීය රජය පිලිබඳව කිසියම් සැකයක් හෝ ගැටළුවක් ඇත්නම් නොපැකිලව සාකච්ඡා කරන ලෙස" දැන්වූ බවත් ය.

එනම්, මෝදි අගමැතිවරයාට අවශ්‍ය තාලයට සහ වේගයට ශ්‍රී ලංකාවේ වැඩ වෙන්නේ නැති බවත්, තමා ගැන හෝ ඉන්දියාව ගැන සැකයක් හෝ ප්‍රශ්නයක් තිබෙනවා නම් මූණට ඒ බව කෙළින් කියන ලෙසත් ය. එසේම තමා රාජ්‍යතාන්ත්‍රික කාර්යයන් සම්බන්ධව වැඩිම වේලාවක් ලංකාවේ වැඩ කටයුතු වෙනුවෙන් වැය කර ඇති බවට මෝදි අගමැතිවරයා ආඩාපාලි කියූ බවක් ද ශ්‍රී ලංකා අගමැතිවරයා ගේ නිල නිවේදනයේ දක්වා ඇත.

ඉන්දීය අගමැති නිල නිවේදනයේ දක්වා ඇත්තේ "දෙරට අතර සම්බන්ධතාව තවත් වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ශ්‍රී ලංකාවේ සංවර්ධනයට, අධ්‍යාපන ක්ෂෙත්‍රයට, සෞඛ්‍ය, යටිතල පහසුකම් දියුණු කිරීම සහ ශ්‍රී ලාංකික ජනතාව හා ඉන්දීය ජනතාව අතර මිත්‍ර ශීලී සම්බන්ධතාවක් වර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ" බවත් ය. ඉන් එහාට විස්තරාත්මක කිසිවක් ඉන්දීය අගමැතිවරයාගේ නිල නිවේදනයේ දක්වා නැත.

ඉන්දීය අගමැතිවරයාගේ නිවේදනය

https://www.mea.gov.in/press-releases.htm?dtl/30520/Visit_of_Prime_Minister_of_Sri_Lanka_to_India_October_1820_2018

Image may contain: text

ශ‍්‍රී ලංකා අගමැතිවරයාගේ නිවේදනය පහතින්,

Image may contain: text

Image may contain: text

Image may contain: text

Rate this item
(0 votes)
Last modified on Sunday, 21 October 2018 22:12