May 07, 2024

කරළියෙන් එහා: සමුළුවට ගිය රාජ්‍ය නායකයින් වාහන එනතුරු පැය 2ක් රස්තියාදුවේ - බැසිල් කලින්ම ඇවිත් වැඩ පටන් ගෙන

දේශපාලන කරළිය උණුසුම් කරන්න කරළිය පිටුපස සිදු වූ දේවල් බොහෝමයි. ඇතැම් විට කරලියට වඩා කරළියෙන් එහා ගිනියම් වේ. මේ කරළියෙන් එහා ඇසුණු කතා කිහිපයක සාරාංශයයි.

අගමැතිගේ ලෝක ළමා දිනය 

ලෝක ළමා ළමා දිනය තේමා කරගෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ උත්සවයක් පැවැත්විය. එහිදී කුඩා දරු දැරියන්ට ත්‍යාග පිරිනැමීමට අගමැතිවරයා අමතක කළේ නෑ. ඒ දිනය  ඔහුට ඉතා කාර්යබහුල වුණා. ඒ බ්‍රිතාන්‍ය හා නෝර්වේ බලා පිටත්ව යන නිසා. මේ සඳහා මෛත්‍රී වික්‍රමසිංහ, ඇමති විජිතමුණි ද සොයිසා සහ හේෂාන් විතානගේ,  කාවින්ද ජයවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්ව සිටියා. පළමුවෙන්ම නෝර්වේ රාජ්‍ය ඔස්ලෝ නුවර රොබෝ තාක්ෂණය ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ සමාගමක් නිරීක්ෂණය කළ අතර එහි සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාර පිරිසක් හමුවීමට ද හමුවීමට ද අගමැතිවරයා අමතක කළේ නෑ.


කාර් එනකම් බලාගෙන හිටපු රාජ්‍ය නායකයෝ 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවට ගිය බොහෝ රාජ නායකයන්ට අකරතැබ්බයකට මුහුණ දීමට සිදු විය. එහි සමුළුව අවසන් වීමෙන් අනතුරුව එළියට පැමිණි බොහෝ දෙනෙකුට පැය දෙකකට ආසන්න කාලයක් තමන්ගේ කාර් එනතුරු බලා සිටීමට සිදු වීමයි. එලෙස සිදු වීමට හේතු වීමට හේතු කවරේ දැයි තවමත් අනාවරණය වී නොමැති අතර අප රටේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද මේ අතර වුණා. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුව අතරතුර දී ආවරණය කිරීම සඳහා එහි ගොස් සිටි මාධ්‍යවේදීන්ට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්තුවා. එහිදී ජනාධිපතිවරයා මාධ්‍යවේදීන්ට මාධ්‍යවේදීන් හට සුහදව ප්‍රකාශ කර සිටියේ රටේ නායකයා හැටියට තමන් පසුගිය මාස තුනක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට කියපු කිසි දෙයක් සිදු වී නොමැති බවයි. රැ කීපයක් යනතුරුම මාධ්‍යවේදීන් සමග ඉතා සැහැල්ලු ව ජනාධිපතිවරයා කාලය ගත කර තිබුණා.


ෆයිසර්ට විරුද්ධව අතාවුල්ලා Fire වෙයි 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව පැවැත්වුණා. ඒ පක්ෂ කීපයක් විසින් කරන ලද ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා මේ රැස්වීමට පැමිණි වහාම සාකච්ඡාව ආරම්භ වුණා. ඔන්න ඔබතුමාලගේ ගැටලුව දැන් කියන්න පුළුවන් ජනාධිපති මෛත්‍රි දැනුම් දුන්නා. පළමු අදහස් දැක්වූවේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා, පළාත් සභා මැතිවරණයෙන් දැන් දෙන්නෙම නෑ වගේ මෙහෙම කල් දාලා මොකක්ද කරන්න හදන්නේ? බලය තියෙන කාටවත් මැතිවරණය තියන්න වුවමනාවක් නෑ. දිනේෂ් ප්‍රශ්න කළා. වහාම මැදිහත් වන ජනාධිපතිවරයා කිව්වේ ඒක ෆයිසර්ගෙන් අහන්න ඕනි කියලා. ළඟම හිටපු ෆයිසර් මුස්තාපා නැගිට්ටේ ඊට පිළිතුරු ලබා දීමට, දැන් අපිට තියෙන්නේ කථානායකතුමා පත් කළ කමිටුව තීන්දුව ලබා ගන්න. ඊට පස්සේ ජනාධිපතිතුමාට පුළුවන් එක ගැසට් කරන්න නීති උපදෙස්  අනුව. අපි කටයුතු කරන්නේ ෆයිසර්ගෙ පිළිතුර වුණා. ඒ සමග ඉක්මනින්ම නැගිට්ටේ අතාවුල්ලා හිටපු ඇමතිවරයා. අනේ යන්න ඇමතිතුමා මුළු රටම ගියා  බලාගෙන ඉන්නවා. ඡන්ද තියෙනකං මෙයා බොරුවට කයිවාරු ගහනවා. කේන්තියෙන් දැඩිව කියාගෙන ගියා. මේ අතරතුර සුසිල් ප්‍රේමජයන්ත වගේම එස් බී දිසානායක කේන්තියෙන් ප්‍රකාශ කර සිටියේ, සේරටම කලින් අපි ආන්ඩුවේ ඉන්නවාද නැද්ද කියන එක බලන්න ඕනි කියලා. ඒ අදහස යෝජනාවක් විදියට ගෙන ආවේ ලක්ෂ්මන් යාපා. ඔහු යෝජනාව ගෙන ආවේ වැරදි විදියට. අපි ඉක්මනින් සන්ධානයෙන් ඉවත් වෙන්න ඕන ඒකට හැමෝටම හිනා ගියා. උණ වැරැද්ද තේරුම් ගත්ත ලක්ෂ්මන් යාපා නැවතත් කිව්වේ මගේ යෝජනාව ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕනේ කියලා නිවැරදි කළා.


මංගලගේ Eenterprise Sri Lanka 

මෙවර කැබිනට් මණ්ඩලයේ දී enterprise sri lanka ව්‍යාපෘතිය පිළිබඳ ව සාකච්ඡා වුණා මේ සඳහා බැංකු නිලධාරීන් ප්‍රමාණවත් සහයෝගයක් දෙන්නේ නැහැ. බලන්න එම කඩාකප්පල් කරන්න කවුරු මේවා කඩා කප්පල් කරන්න හදනවද කියලා මට නම් තේරෙන්නේ නෑ කියලා කතාව පටන් ගත්තේ විජිතමුණි සොයිසා ඇමතිවරයා මේ දිහා බලාගෙන හිටපු ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා ප්‍රකාශ කළේ බැංකු නිලධාරීන්ට ඕන ඕන විදිහට රජයේ ව්‍යාපෘති කඩාකප්පල් කරන්න ඉඩ ඉඩ දෙන්නේ නැහැ කියලා. මේ වැඩසටහන අයිතිකාරයා කියලා හැමෝම හඳුනන මංගල සමරවීර අමාත්‍යවරයා අදහස් දැක්වූ ඊට පස්සේ ඔහු කිසිම කලබලයකින් තොරව කිව්වේ මේ වැඩසටහන අපි සම්පූර්ණයෙන් ම අධීක්ෂණය කරනවා, දිගටම ඒ අදහසත් සමඟ enterprise srilanka පිලිබද අනිත් අයගේ අදහස් දැක්වීම යට ගියා. ඒ සමඟම තලතා අතුකෝරල ඇමතිවරිය මංගල සමරවීරට විරුද්ධව චෝදනාවක් කළා. මුදල් ඇමතිතුමා  අපිට සල්ලි දෙන්නෙ නෑ. තලතා ජනාධිපතිවරයා දෙස බලමින් කිව්වා හා හා ඔය දෙන්න හොද යාලුවොනෙ කතා කරලා විසඳ ගන්න ජනාධිපතිවරයාගේ වචනය වුණා. විවිධ අමාත්‍යංශය මගින් කරන්න බැරි ව්‍යාපෘති යෝජනා කෙරෙන බව සිදු කළ මංගලගේ ප්‍රකාශයට පාඨලී චම්පික අමාත්‍යවරයා දැඩි විරෝධය ගෙන හැර පෑවා.


ආපු ගමන් වැඩට බැහැපු බැසිල් 

අමෙරිකාවේ සිට එන්න සිටි දිනට පෙර ලංකාවට ආපු බැසිල් රාජපක්ෂ මහතා නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ සිට දිවා රෑ නොබලා වැඩ කරන්න පටන් අරන්. කෙසේ වෙතත් ඔහු මුණගැහෙන්න ආව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන්  ප්‍රමුඛ වෘත්තීයවේදීන් බැසිල් ට  ප්‍රකාශ කර සිටියේ අපි ආවේ සිංගප්පූරු ගිවිසුම ගැන කතා කරන්න. අහ්! ඒක බොහොම හොඳයි, කියූ බැසිල් වෛද්‍ය සංගමයේ නිලධාරීන් ප්‍රකාශ කළ කරුණු පිළිබඳ ව විශාල අවධානයකින් අසා සිටියා. අසල පොත් රාක්ක වෙත ගිහිල්ලා සිංගප්පූරු ගිවිසුම ගැන කරුණු තියන පොතක් හොයා ගත්තා. මේ විදිහට සිංගප්පූරු ගිවිසුම ගැන වගේ ම රටට බලපාන බොහෝ කරුණු කාරණා ගැන බැසිල්  සමග පැය කිහිපයක්ම සිදු වුණා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 08 October 2018 20:43