May 04, 2024

ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය යහපාලන ආණ්ඩුවෙන් ඉවතට? දින 14න් තීන්දුව එයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීන්දුව ගැනීම සඳහා අවශ්‍ය වාර්තාව දින 14 ක් ඇතුළත සැකසීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව විසින් ඊයේ (04) කමිටුවක් පත්කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එජනිස විධායක සභාව විසින් මෙම තීන්දුව ගෙන තිබේ.

ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීන්දුව ගැනීම සඳහා පත්කෙරුණු කමිටු සාමාජිකයන් ලෙස එස්. බි. දිසානායක, දිනේෂ් ගුණවර්ධන, එජනිස මහ ‍ලේකම් මහින්ද අමරවීර, ශ්‍රීලනිප ‍ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන් පත් කර ඇත.

රටේ ආර්ථිකය කඩා වට්ටමින් වත්මන් ආණ්ඩුව ගෙන යන ජනතා විරෝධී ක්‍රියා පිළිවෙත අනුමත කරමින් ආණ්ඩුව තුළ තවදුරටත් රැඳී සිටිය නොහැකි බව විධායක සභිකයන් මෙහිදී පෙන්වා දී ඇත.

එහිදී දෙපාර්ශ්වය එකතු වන්නේ නම් එය කුමන ආකාරයෙන් විය යුතුදැයි දීර්ඝ ලෙස සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතය. ඉන් අනතුරුව එය සන්ධාන විධායක සභාවේ අනුමැතියට දමා ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවේද අනුමැතියෙන් ක්‍රියාත්මක කිරීමට මෙහිදී යෝජනා වී තිබේ.

Rate this item
(3 votes)
Last modified on Monday, 08 October 2018 09:21