May 04, 2024

ජනපති දේශපාලන තීන්දුවකට සැරසෙයි - ඇමැති ධූර, අමාත්‍යාංශ ලේකම් පුටු වෙනස් වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දින කිහිපයේදී දේශපාලන, ආර්ථික සහ පාරිපාලනමය වශයෙන් තීරණාත්මක තීන්දු තීරණ කිහිපයක් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව අමාත්‍යධූර කිහිපයක වෙනස්කම් සිදු කිරීමටත්, අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනෙකු ඉවත් කිරීමටත් ජනාධිපතිවරයා සූදානම් වන බවට වාර්තා වේ.

එලෙස ඉවත් කිරීමට නියමිත අමාත්‍යාංශ ලේකම්වරුන් වෙනුවට නව ලේකම්වරුන් පත් කිරීමට කටයුතු කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ 73වන මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට පසුගිය 22වනදා නිව්යෝර්ක් නුවර බලා පිටත් වූ ජනාධිපතිවරයා ඊයේ(30) අලුයම යළි දිවයිනට පැමිණියේය.

කෙසේ වෙතත් රට තුළ ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය තුළ වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 03 October 2018 09:05