May 03, 2024

ශ්‍රීලනිපයෙන් දොට්ට දැමූ 15දෙනාට යළිත් ශ්‍රීලනිප සංවිධායක ධූර?

September 27, 2018

සිය කණ්ඩායමේ පිරිසකගේ ආසන සංවිධායක ධුර ඉවත් කළේ ආසන බලමණ්ඩල පිහිටුවා නොමැති වීම නිසා බව ශ්‍රීලනිප භාණ්ඩාගාරික, පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා පවසයි.

සංවිධාන කටයුතු කිරීමෙන් පසු නැවත ඔවුන්ට එම තනතුරු දෙන බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා එම ගැටලුව මධ්‍යම කාරක සභාවේදී විසදාගත හැකි බවද කියා සිටියේය.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ජේ. සෙනෙවිතරන මහතා සඳහන් කළේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 15 දෙනාට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සංවිධායක ධූර එපරිද්දෙන්ම ලැබෙන බවයි.

වසර දෙකක් ජාතික ආණ්ඩුවට තමන් ඇතුළු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් එක් වූයේ පක්ෂය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් නිසා බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

වසර දෙකකට පසු ආණ්ඩුවෙන් ඉවත්ව තමන් ඇතුළු පිරිස් විපක්ෂයට එක් වූ බවත් දැනට ඇතිකරගෙන ඇති එකඟතා මත ශ්‍රීලනිප සංවිධායකකම අහිමි වුවත්, මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ සංවිධානයකට ලබා ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අමාත්‍ය ධූරවලින් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට සහය පල කරන මන්ත්‍රීවරුන් 8 දෙනකුගේ ආසන සංවිධායක ධූර අහිමි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගියදා තීරණය කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ පසුගියදා පැවැති සාකච්ජාවේදී මෙම තීරණය ගෙන තිබිණි.

මේ අනුව සුසිල් ප්‍රේමජයන්ත මහතා කඩුවෙල සංවිධායක ධූරයෙන්ද , ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතා රත්නපුර සංවිධායක ධූරයෙන්ද , අනුර ප්‍රියදර්ශන යාපා මහතා කටුගම්පොළ සංවිධායක ධූරයෙන්ද , ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හක්මන සංවිධායක ධූරයෙන්ද , චන්දීම වීරක්කොඩි මහතා හබරාදූව සංවිධායක ධූරයෙන්ද ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ වෙනුවට ජනාධිපතිවරයා විසින් නව ආසන සංවිධායකයින් පත්කළේය.

මෙම මන්ත්‍රීවරුන් තමන්ගේ ආසන බල මණ්ඩල පිහිටුවා නොමැතිවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

Rate this item
(1 Vote)
Last modified on Friday, 28 September 2018 19:31