April 28, 2024

වෘත්තීය පුහුණු අධිකාරියට ගිය චතුරිකා සිරිසේන කළ සාකච්ඡාව ගැන හෙළිවෙයි

September 19, 2018

මේ දිනවල දී සමාජ මාධ්‍ය ජාලා තුළ චතුරිකා සිරිසේන මහත්මියගේ ජායාරූප පෙළක් සහ ඒ සම්බන්ධව විවිධ මත පළ කර තිබිණි.

එහිදී ප්‍රකාශ කර තිබුණේ සේවකයන් සහ රාජ්‍ය දේපල අනිසි ලෙස භාවිතා කරන බවයි. ඒ අනුව කාගෙත් විමසීමට ලක්වූ කරුණක් වූයේ මෙම සිද්ධිය කුමක් ද? සහ එහි දි කතා බහ කරන ලද්දේ කුමක් ද?යන්නයි.

මෙයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ උප සභාපති තිසර ගුණසිංහ මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට පිළිතුරු ලබා දි තිබේ. එහි දී ඔහු විසින් දක්වා ඇත්තේ මෙම ජායාරූපයට අදාල සිද්ධිය විකෘති කරමින් චතුරිකා සිරිසේන මැතිණියටත්, තමාටත් සිදු කළ මඩ ප්‍රහාරයක් බවයි.

මෙය ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් සංවිධානය කරන ලද ” පොළොන්රුව දිස්ත්‍රිකයේ තරුණ තරුණියන් උදෙසා වෘත්තීය පුහුණු වැඩසටහන” සම්බන්ධව ඔහු විසින් සිදු කරන ලද ආරාධනාවක් මත, චතුරිකා සිරිසේන මැතිණිය සහභාගී වූ සාකච්ජාවක් බවයි. ඒ සඳහා ආරාධනා කරමින් ඔහු විසින් යවන ලද ලිපිය ද නිකුත් කර තිබිණි.

එහි දී ඔහු තවදුරටත් සදහන් කර ඇත්තේ චතුරිකා සිරිසේන හා ඔහු දීර්ඝකාලීනව හොදින් දන්නා අය බවත්, ඒ හැදුනුම්කමත් එතුමියට ඇති වරප්‍රසාදත් මගින් රටේ තරුණ්‍ය වෙනුවෙන් යමක් කළ හැකි බවයි.

එම කාර්යය පවා විවේචනාත්මකව දකින්නේ දේශපාලනයේ පටු පරමාර්ථ හේතුවෙන් බව ඔහු පෙන්වා දී ඇත. නමුත් ඔවුන් විසින් සිදුකර එම කාර්යයන් කිසිවක් එයින් අධෛර්යයට පත් නොවන බවත් ඔහු එහිදී සඳහන් කර තිබිණි.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ උප සභාපති තිසර ගුණසිංහ මහතා විසින් මාධ්‍ය නිවේදනය සහ ආරාධනා කරන ලද ලිපිය පහතින් දැක්වේ.

Rate this item
(0 votes)