April 28, 2024

මහින්දට ඇමරිකාවෙන් ආරාධනා නෑ - ට්‍රම්ප් හමුවක් ගැන ඒකාබද්ධය නොදනී

September 18, 2018

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සාකච්ඡාවක් සඳහා අමෙරිකාවෙන් ආරාධනාවක් ලැබී ඇතැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ‘ඒෂියන් මිරර්‘ වෙත අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අවධාරණය කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අමෙරිකාවෙන් ආරාධනාවක් ලැබී ඇතැයි නිල වශයෙන් වාර්තා නොවන බවයි.

ඒ පිළිබඳ සොයා බලා තොරතුරු ලබා දිය හැකි බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

මේ අතර මාධ්‍ය වාර්තා කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපති ඇතුළු එරට රාජ්‍ය තාන්ති‍්‍රකයින් හමුවීමටද නියමිත බවයි.

කෙසේ වෙතත් ඉකුත් සතියේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට දුරකථන ඇමතුමක් ලබා ගැනීමට විශාල උත්සාහයක යෙදී ඇති බවටද මාධ්‍ය වාර්තා කර තිබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ ඉහල නිලධාරියෙකු විසින් ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඉහල නිලධාරියෙකු සම්බන්ධ කර ගෙන ඇති අතර ඔහු විසින් පවසා ඇත්තේ කිසි විටකත් හිටපු ජනාධිපතිවරයෙකුට එවැනි සංවාදයක් සදහා අවස්ථාවක් ලබා දීමට නොහැකි බවයි.

එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් වාර්තා වන්නේ ඉන් පසුව කිසිවක් නොකියාම ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නිලධාරියා විසින් දුරකථනය විසන්ධි කර ඇති බවයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වේ. කෙසේ වෙතත් එය තවමත් ඉල්ලීමක් පමණක් බවත් ඇමරිකානු තානාපති කාර්යාලය ආරංචි මාර්ග පවසයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 20 September 2018 10:40