April 27, 2024

“එන්ජීඕ කාරයන්ට ඕන විදියටයි හිතන්නේ“ - ජනපති ඇමැති දෙපලකට දෙහි කපයි

September 14, 2018

ඊයේ දවසේ රැස්වූ විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රධාන කාරණ කිහිපයක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විනාඩි 45ක පමණ දීර්ඝ විස්තරයක් කරනු ලැබුවා.

පළමුවෙන්ම ජනාධිපතිවරයා සාකච්ඡාවට ලක් කළේ පොලිස්පතිවරයාගෙන් ගෙවුණු වසර තුන තුළ සිදු කරන ලද පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙනි. ලංකාවේ ඉතා ජනප්‍රිය මාතෘකාව වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම ප්‍රමුඛ අපරාධ සම්බන්ධව අද වනතුරුත් නඩු පවරා නැති බවත් වරන්වර විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගනිමින් ප්‍රශ්න කර ඇප මත මුදා හැර ඇති බවත් රහස් පොලීසිය එක නඩුවක් හෝ දැමීමට කටයුතු කර නොමැති බවත්ය.
මේ නිසා රජය පිලිබඳ ජනතාවගේ විශ්වාසය පලුදුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් එවකට යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ, අමල් කරුණාසේකර මහතා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස සිටියදී අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගනිමින් මාස 5කට පමණ පසුව කිසිදු චෝදනා පත්‍රයක් නොමැතිව නිදහස් කර තිබෙනවා.
“මෙය බරපතල වරදක්“ ලෙස සඳහන් කළ ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීමේදී ඔහුට නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කර තිබෙනවා. මෙවැනි සිදුවීම් නිසා ත්‍රිවිධ හමුදාව තුළ බරපතල මානසික කඩා වැටීමක් සිදු විය හැකිය.
ඉන් අනතුරුව සිසුන් 11දෙනෙකු අතුරුදන් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයන් ඇප මත නිදහස් කරමින් එක් පුද්ගලයෙකු පමණක් මේවන විට අත්අඩංගුවේ පසු වෙනවා. අත්අඩංගුවට ගෙන මරා දැමූවා යැයි කියන සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් ඇප මත නිදහස් කර තිබෙනවා. දැනට අත්අඩංගුවේ සිටින පුද්ගලයා වන “නේවි සම්පත්“ විදේශ ගත කිරීමට වත්මත් ආරක්ෂක මාණ්ඩලින ප්‍රධානි එවකට නාවික හමුදාපති රවී විජේගුණවර්ධන කිසිදු ප්‍රකාශයක් සටහන් නොකර ගෙන අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට උසාවියෙන් වරෙන්තුවක් ගෙන පොලිස්පතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් ජනාධිපතිවරයාවත් දැනුවත් නොකර අත්අඩංගුවට ගැනීමට කටයුතු කරතිබෙනවා.

නීතිය හරිලෙස ක්‍රියාත්මක කරමින් සාධාරණව නඩුවක්වත් පවරනවානම් මේවා මෙසේ සිදුවුණාට කමක් නෑ. මේ වන විටත් එකම නඩුවක්වත් අධිකරණයට ගොනු නොකරපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගෙනමාස ගණනාවට පසු චෝදනා ගොනු නොකර ඔහුට ද චෝදනා පත්‍රයක් නොමැති වුවහොත් මේ ආණ්ඩුවට අත්වන ඉරණම කුමක්ද? එම නිසා වහාම සිසුන් 11දෙනා අතුරුදන් කිරීම සම්බන්ධව පුද්ගලයින්ට නඩු පැවරීමට මුලින්ම කළ යුතුයි. බොරුවට අත්අඩංගුවට ගන්නවා ප්‍රශ්න කරනවා. සාක්ෂි ප්‍රමාණවත් නෑ කියා මාස ගණනකට පසු නිදහස් කරනවා. මෙවැනි සිදු වීම් දැන්වත් නවතින්න ඕන.“ මෙහිදී චම්පික රණවක, සුජීව සේනසිංහ, ගාමිණී ජයවික්‍රම පෙරේරා, විජයදාස රාජපක්ෂ යන ඇමැතිවරුන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධව එකඟ වී තිබෙනවා.
රාජිත සේනාරත්න, මංගල සමරවීර ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට එකඟ නොවී පොලීසියට ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය තිබිය යුතුය. එයට අපට බලපැම් කළ නොහැකියි. ඔවුන් පරීක්ෂණ සිදු කරන ආකාරයට එය සිදු කිරීමට අප අවස්ථාව ලබා දිය යුතුයි. එය ජනවාරි 08 ප්‍රජාතන්ත්‍රවාදයෙන් අප ලබාදුන් නිදහසයි. එය අභියෝගයට ලක් කරමින් චම්පික රණවක් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පරීක්ෂණවල විදිමත්භාවය තිබිය යුතුය. කිසිදු නඩුවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා නැත්නම් එය ලොකු ප්‍රශ්නයක්. එම නිසා ඒ ගැන ඉක්මනින් නඩු පැවරීමට අප සැලකිලිමත් විය යුතුයි.

පසුව රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේ “ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනවා නම් එයට ඉඩ ලබා දිය යුතුයි. ලෝකයේ ඕනෑම පොලීසියක අත්අඩංගුවට ගත් අය වැරදිකරුවෝ වෙනවා. සමහර අය නිදහස් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක ඕනෑම කෙනෙකුට පොදු ලක්ෂණයක්.“
එහිදී කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් සඳහන් කළේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රටේ වැදගත් නිලයක් වන බවත් ඔහු ඉතා හොඳ ගුණ යහපත් පුද්ගලයෙකු බැවින් ඔහුටද රාජිත සේනාරත්න එකඟතාව පල කර තිබෙනවා. දිගින් දිගට කරුණූ පැහැදිලි කරමින් රාජිත සේනාරත්න අමාතවරයා පවැසූවේ එසේ අත්අඩංගුවට ගැනීම තමන් වරදක් ලෙස නොදකින බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට තවම නඩුවක්වත් පවරා නොතිබීම ගැන ජනාධිපතිවරයා නැවතත් කැබිනට් මණ්ඩලයට කරුනු පැහැදිලි කර සිටියා. මංගල සමරවීර හා රාජිත සේනාරත්න ඇමැතිවරු දෙපල කියා සිටියේ එය ඔවුන්ගේ රාජකාරියක් බවත් එයට අප අත නොතැබිය යුතු බවත්ය.

එහිදී ජනාධිපතිවරයා අදාල අමාත්‍යවරුන්ට කෙතරම් කරුනු පැහැදිලි කර දුන්නත් එය අවබෝධ කරගැනීමට බුද්ධි මට්ටමක් නොතිබීම පිළිබඳව “තවත් මේ ගැන කතා කිරීම පලක් නැතැයි“ යැයි සඳහන් කරමින් අදාල සාකච්ඡාව නවතා දැමුවා.
එහිදී ගාමිනි ජයවික්‍රම පෙරේරා ඇමැතිවරයා විසින් ජනාධිපතිවරයාව සන්සුන් කිරීමක් සිදු කළ අතර අවසානයේදී කැබිනට් මණ්ඩලයේ බහුතරය තීරණය කරනු ලැබුවේ සිසුන් 11 දෙනා අතුරුදන් කළ අයට පලමුව නඩු පැවරිය යුතු බවයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයාට සාක්ෂි සහිතව චෝදනා තිබේනම් ඔහුටද අධිකරණයේ නඩුවක් පවරා කටයුතු කළ යුතු බවත්ය.

හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්නේ නම් ප්‍රශ්න කරන්නේ නම් සේනාධිනායක ලෙස ජනාධිපතිවරයාව, ආරක්ෂක ලේකම්වරයාව දැනුවත් කළ යුතු බව තීරණය කරුනු ලැබීය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ එන්ජීඕ මානසිකත්වයෙන් නොබලන ලෙසත්, එන්ජීඕකාරයන් සතුටු කිරීමට වැඩ නොකරන ලෙසත්ය.

Rate this item
(0 votes)