April 28, 2024

ජනපති හදිසියේ කැබිනට් මණ්ඩලේ රැස්කරයි - සියලු ඇමැතිවරුන්ට හදිසි දැනුම්දීමක්

September 13, 2018

කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) දහවල් 12.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.

සියලුම අමාත්‍යවරුන්ට අද දහවල් පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමට සහභාගි වන ලෙස ජනාධිපති කාර්යාලය ඊයේ (12) පස්වරුවේ ඇමැතිවරුන්ට දුරකථනයෙන් දැනුම් දී තිබේ.

එහෙත් මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ කුමන කාරණයක් සම්බන්ධයෙන්ද යන්න කැබිනට් ඇමැතිවරුන්ට දැනුම් දී නොතිබුණි.

සතිපතා පැවැත්වෙන සුපුරුදු කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (11) පෙරවරුවේ පැවැත්විණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 September 2018 18:13