May 06, 2024

ජනාධිපතිගේ කජු කතාවේ ඇතුලාන්තය

September 12, 2018

ජනාධිපතිවරයාගේ කතාවත් සමඟ කජු ප්‍රශ්නය කාගේත් කතාබහට ලක්ව තිබේ. ජනාධිපතිවරයා මෙලෙස කජු ගැන සඳහන් කරමින් කළ ප්‍රකාශයෙන් අවධානයට ලක් කර තිබුණේ ගුණාත්මක බවින් ඉහළ දේශීය කජු මෙරට තිබියදී විදෙස් රටකින් බාල කජු ආනයනය කර ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ලබා දීම පිළිබඳවය. රජයේ ආයතනයක් ලෙස ශ්‍රී ලංකා කජු සංස්ථාව තිබියදී විදෙස් රටකින් ගෙන්වා ශ්‍රීලන්කන් ගුවන් සේවයට ලබා දීම පිළිබඳ අදාල බලධාරීන් දැන් සොයා බැලිය යුතුය.

එවන් ආයතනයක් තිබියදී විදෙස් රටකින් ආනයනය කර ලබා දුන්නේ කාගේ වුවමනාවකටද යන්න විමර්ශනය කළ යුතුය.

මෙරට කජු වගාව විශාල වශයෙන් වගාකරන අතර මෙරට කජු ගුණාත්මක බවින් ඉහලය. ලංකාවේ කජු මෙට්‍රික් ටොන් 15,000ක් පමණ නිෂ්පාදනය කරන අතර මුළු ලෝකයෙන්ම කජු නිෂ්පාදනය කරන රටවල් අතරින් 5%ක පමණ පමණ වෙළදපොලක් අත්කර ගැනීමට ශ්‍රි ලංකාවට හැකි ව තිබේ.

මෙසේ තිබියදී ශ්‍රි ලංකන් සමාගමට ලංකාවේ කජු මිලට ගැනීමට නොහැකි වන්නේ කාගේ හෝ අතයට ගණුදෙනුවක් නිසාද යන්න සොයා බැලිය යුතුය. අඩු මිලට බාල කජු විදෙස් රටකින් මිලට ගැනීමට ශ්‍රිලන්කන් සමාගම කටයුතු කරන බව මේවන විට හෙළි වී තිබේ. අප තේරුම්ගත යුතු යථාර්ථය වන්නේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමේ සගරා තුළ ලංකාවේ කජු පිළිබදව වාර්තා ඇත. ඒවා කියවා ශ්‍රි ලංකන් යානයට ගොඩවන ගුවන් මගීයා වෙනත් රටක පිළුණු වූ බාල කජු ආහාරයට ගන්නේ නම් එතැන ප්‍රශ්නයක් තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් කර සිටින්නේ එම කතාව ය.

නමුත් එවා කනකට නොගෙන ශ්‍රි ලංකන් කේටරීන් ආයතනය තවදුරටත් මේ ආකාරයට පිළූණු ආහාර ලබා දීම දිගින් දිගටම සිදු කර ඇති බව අනාවරණය වී තිබේ.

ඒ අනූව ජනාධිපතිවරයා හෙළිදරව්වෙන් පසුව සමාජයේ කතා සංවාදයක් ඇති කිරිමෙන් පසු ශ්‍රි ලංකන් කේටරින් සමාගම තුළ මෙවැනි දෑ තවදුරටත් සිදු නොවීමට අදාල බලධාරීන් වගබලා ගත යුතුය.

මේ අතර රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා කජු සංස්ථාව 2016 වසරේ රුපියක් තුන්කෝටි දස ලක්ෂයක ශුද්ධ ලාභයක් උපයාගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නවතම කාර්යසාධන වාර්තාව සදහන් කරයි. ගිය වසරේ දිස්ත්‍රික්ක 18 කට අයත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 125 ක් ආවරණය වන පරිදි බද්ධ කජු අක්කර 2500 බීජ කජු අක්කර 2000 කද වගා කර තිබුණු බව එම කාර්යසාධන වාර්තාව සදහන් කරයි.
සහනාධාර යෝජනා ක්‍රම යටතේ ප්‍රතිලාභ ලැබූ පවුල් ගණන 3298 කි .

සංස්ථාවේ මධ්‍යම පැළ නිවාස වල බද්ධ පැළ හා බීජ පැළ 209125 ක් නිෂ්පාදනය කර ඇති අතර ඉන් බද්ධ පැළ 180220ක්ද බීජ පැළ 78440 ක් ද වගාකරුවන්ට බෙදා දී තිබෙන බව කාර්යසාධන වාර්තාව සදහන් කරයි.

රජය මෙලෙස කජු සඳහා ආධාර ලබා දෙමින් දේශීය කජු ව්‍යාපාරය ඉහල තැනක තිබෙන මොහොතක ශ්‍රීලන්කන් ගුවන් සේවය මේ ආකාරය කටයුතු කිරීම කාටත් ප්‍රශ්නයකි.

Rate this item
(0 votes)