May 06, 2024

මීලඟ අගමැතිවරයා කවුද? ජනාධිපතිවරණය ගැන මෛත්‍රීගේ තීරණයත් හෙළි කරයි

September 08, 2018

මීලඟ ජනාධිපතිවරණය නියමිත කාලයට දිනකට හෝ පෙර නොපවත්වන බවත් රටේ දේශපාලන සංවාද තුළ සාකච්ඡාවට බඳුන් විය යුත්තේ මීලඟ අගමැතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය යටතේ විධායක ජනාධිපති ධුරයේ බොහෝ බලතල අඩුකර ඇති නිසා මිළඟ රජයක පාලකයා වන්නේ අගමැතිවරයා බැවින් සියලුදෙනා අවධානය යොමුකළ යුත්තේ දුෂණය, වංචාව, හොරකම නැතිකිරීමට අගමැතිවරයකු බලයට පත්කර ගැනීම සඳහා යැයිද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නියමිත කාලයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පවා විවිධ අදහස් පලකරන බවත් එහෙත් ඒ තීරණය කළයුත්තේ තමා බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා කෙසේවෙතත් නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් නොපවත්වන බවද කීය.

මීළඟ මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සාධකයක් වන බවද ඒ සඳහා උදාහරණ දැක්වූ ජනපතිවරයා කියාසිටියේ පෙබරවාරි 10වනදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව එම පක්ෂයට මහ මැතිවරණයකදී ලබාගත හැකිවන්නේ ආසන 102ක් බවද ජනාධිපතිවරයා පැවසී ය.

එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද ලක්ෂ 15ක් ලබාගත් බවද, එය මේ වනවිට ලක්ෂ 20 දක්වා වැඩිකරගෙන ඇතැයිද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ නිවිතිගල මහජන පොළ භූමියේ අද (08) පෙරවරුවේ පැවැති ශ්‍රීලනිප තරුණ බල මණ්ඩලයේ රැස්වීම අමතමිනි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 September 2018 10:38