May 06, 2024

අගමැති රනිල් සිරිකොතේදී ප්‍රශ්න අසා ඇමැති පට්ටම් දෙයි - ජනබලය නිසා අගමැතිට දුන් දුරකතන ඇමතුම් ගැන හෙළිවෙයි

September 06, 2018

ඊයේ පැවැති “ජනබලය කොළඹට“ විරෝධතාවය නිසා එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සර සැමරුම කල් දැමීමට යෝජනා කර තිබූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව පැවසූවේ අද(06) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප 72 වැනි සම්මේලනයට සහභාගී වෙමිනි.

“සර් මේ සම්මේලනය තියන්න ඕනද. අරපැත්තෙන් එනවා පොහොට්ටුවෙන් එනවා බලය අල්ලගන්න. ආණ්ඩුව ආරක්ෂා කර ගන්න මේක කල් දාන්නද“ යනුවෙන් තමාට පෙරේදා දුරකතන ඇමතුම් කිහිපයක් ලැබුණු බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

“අපි අපේ වැඩේ කරමු ඒක ඒගොල්ලන්ට ඒ වැඩේ කර ගන්න“ යනුවෙන් තමා එලෙස විමසූ අයට පිළිතුරු දුන් බවද අද බලන විට පොහොට්ටුවේ ජනබලයත් නොමැති බවත් මාධ්‍ය යේ පච බලයත් නොමැති බවත් අගමැතිවරයා සඳහන් කළේය.

“ඊයේ සිදුවූ ඓතිහාසික වැඩකටයුත්ත මොකක්ද යන්න මට කියන්න. පළමු වතාවට නිවාස යෝජනා ක්‍රම 138 අපේ නියෝජ්‍ය නායකතුමා ආරම්භ කළා. කොයි මාධ්‍යයේද ඕක තිබ්බේ. මට අත උස්සලා හරි එක්කෙනා මට කියන්න. මන්ත්‍රී කමක් දෙන්නම් මන්ත්‍රී නෙමෙයි ඇමැතිකමක් දෙන්නම්. කොයි මාධ්‍යයද මාධ්‍ය යෙන් මේ පක්ෂය නැති කරන්න බෑ.“ යනුවෙන් අගමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(4 votes)
Last modified on Friday, 07 September 2018 17:16