May 10, 2024

ඒකාබද්ධය විපක්ෂ නායක ධූරය එපා කියයි! දිනේෂ් පරදා වැඩි කැමැත්ත තිබුණේ වෙල්ගමට

ඒකාබද්ධ විපක්ෂය කිසිවිටෙක විපක්ෂ නායක ධූරය ඉල්ලා නැති බවත් ඉල්ලා සිටින්නේ විපක්ෂයේ අයිතිවාසිකම් බවත් රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවේය.

පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඉල්ලා සිටින බවත් ඒ අනුව තම කණ්ඩායමට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට හිමිවන අයිතිවාසිකම් හිමිවිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ලබා දෙන තීන්දුව හෙට (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධුරය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය විසින් කළ ඉල්ලීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ තීන්දුව අද (06) සවස කථානායකවරයා වෙත භාරදීමට නියමිතය.

විපක්‍ෂනායක ධුරයට දිනේෂ් ගුණවර්ධන සහ කුමාර වෙල්ගම යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති අතර බහුතරයගේ කැමැත්තවී ඇත්තේ කුමාර වෙල්ගම මහතාට විපක්‍ෂනායක ධුරය ලබාදීමටය.

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතා විපක්‍ෂනායක ලෙස පත් කළ යුතු බවට කැමැත්ත පළකර ඇත්තේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් අට දෙනකු පමණක් බවත් කුමාර වෙල්ගම මහතා විපක්‍ෂනායක ලෙස පත් කළ යුතු බවට පළාත් පාලන මන්ත්‍රීවරුන් බහුතරයක්‌ යෝජනාවක්‌ සම්මත කරගෙන ඇති බවත් බව එජනිස මහ ලේකම් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව අද උදැසන රැස්‌වන එජනිස පක්‍ෂ නායක රැස්‌වීමේදී විපක්‍ෂනායක ධුරයට පත් කළ යුතු පුද්ගලයා සම්බන්ධ අවසන් තීන්දුවක්‌ ගැනීමට නියමිත අතර එම තීන්දුව අද පස්‌වරුවේ කථානායකවරයාට දැනුම් දීමට නියමිතය.

ඇතැම්විට මෙම දෙදෙනාම නොවී වෙනත් අයකුගේ නමක්‌ යෝජනා වීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය පැවසූවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබා දීමට කතානායකවරයා හෙට දිනයේ කටයුතු නොකළහොත් පාර්ලිමේන්තුව තුල අඛණ්ඩව විරෝධතාවයේ නිරත වන බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 10 August 2018 09:24