May 10, 2024

තිලංගගේ හදිසි චෝදනාව පිටුපස හදිසි හස්තයක්? අර්ජුනගෙන් අරවින්දගෙන් තිලංගට කණේ පහරක්!

ක්‍රිකට් තරග පවාදීම් වලට අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා සම්බන්ධ බවට හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් ඔවුන් පිළිතුරු දීමට අද (31) හදිසි මාධ්‍ය හමුවක් කැදවා තිබිණි.

1994 වසරේදී ලක්නව් හී පැවැති ක්‍රිකට් තරඟයකදී චෝදනාවක් එල්ලවූ බවත් පසුව අයි.සී.සී නිලධාරීන් පැමිණ රාජනීතීඥයෙකු වන ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පැවැත්වූ බවත් එම කමිටුව මඟින් සිදු කළ පරීක්ෂණයට අනුව එම චෝදනා වලින් තමාව සහ අරවින්ද ද සිල්වා නිදොස් කොට නිදහස් කළ බවත් අර්ජුන රණතුංග මහතා එම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

මේ රටේ සෑම දෙනාම එම සිද්ධිය ගැන දන්නා බවත් කෙසේ වෙතත් තමාවුවද වෙන ඕනෑම ක්‍රීඩකයෙකුවුවද තරඟයක් පාවාදී රට පාවා දෙනවානම් ඔවුන්ට මෙරටින් පිටුවහල් කළ යුතු බවත් රණතුංග මහතා අවධාරණය කළේය.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා එම මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළේ මෙම සිද්ධිය යළිත් කරළියට ගෙන ඒමේ හේතුව කුමක්ද යන්න ප්‍රශ්ණාර්ථයක් බවයි.

තමා දේශපාලකයන් කියන දේවල් මේ කණෙන් අසා අනෙක් කණෙන් පිට කරන බවත් මෙවැනි සිද්ධි වලට මුහුණ දී තමාට පුරුදු බවත් අරවින්ද ද සිල්වා මහතා පැවසී ය.

එම මාධ්‍ය හමුවේ වීඩියෝව පහතින්

Rate this item
(0 votes)
Last modified on Monday, 06 August 2018 19:34