May 10, 2024

ජනපතිගෙන් ඇමැති අර්ජුනට තරවටුවක්! රනිල්ට මෛත්‍රීට අර්ජුන දෙහි කපයි

කී‍්‍රඩා අමාත්‍යාංශයේ වැඩකටයුතුවලට සම්බන්ධ නොවී තමන්ට පැවැරී ඇති රාජකාරි නිසි ලෙස ඉටු කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ඊයේ (24) දැනුම් දී තිබේ.

ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ක‍්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාෆා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග අතර කැබිනට් මණ්ඩලයේදී ඇතිවූ උණුසුම් තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අද(25) අදහස් දක්වමින් කැබ්නට් සම ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසූවේ අර්ජුන රණතුංග ඇමැතිවරයා ක්‍රීඩා කේෂ්ත්‍රය ගැන කතා කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ඒගැන කතා කරන්න අවශ්‍ය නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.
මේක ක්‍රියාත්මක කරන්න යනුවෙන්ද ජනාධිපතිවරයා එහිදී පැවසූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

කෙසේවෙතත් රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ක‍්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කළ විමසීමකින් අනතුරුව මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිවී ඇත.

අර්ජුන රණතුංග අමාත්‍යවරයා කි‍්‍රකට් අතුරු කමිටුවක් පත්කරන ලෙස කළ ප‍්‍රකාශය පිළිබදව ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී ඇත. ඒ පිළිබඳ අදහස් දක්වමින් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් නීතිපතිවරයාගේ නියමයන්ට අනුව කටයුතු කරන බවයි.

ක‍්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයා නිසි ලෙස කටයුතු කර නොමැති බව එහිදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් ක‍්‍රීඩා අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන්ද ජනාධිපති නීතිඥවරයෙකු බවත්, තමන්ද නීතිය හරි හැටි දන්නා බවත්ය. ක‍්‍රිකට් නිලවරණය නීතියට අනුව සිදු කරන බව ක‍්‍රීඩා අමාත්‍යවරයා ප‍්‍රකාශ කිරීමත් සමග ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද මීට මැදිහත් වී ඇත.

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතුවලට සම්බන්ධ නොවී තමන්ට පැවැරී ඇති රාජකාරි නිසි ලෙස ඉටු කරන ලෙස ජනාධිපතිවරයා එහිදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා වෙත දැඩි අවවාදයක් සිදු කර තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය කඩිනමින් පවත්වා ඊට නිලධාරීන් පත්කර එය වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා ක‍්‍රීඩා අමාත්‍යවරයා වෙත මෙහිදී උපදෙස් දී තිබේ.

අර්ජුන මෛත්‍රීට - රනිල්ට තේරෙන භාෂාවෙන් කියා දෙයි

මේ අතර ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා රචිත කෘති ද්විත්වය දොරට වැඩීමේ උත්සවයට සහභාගි වෙමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇමතිවරයෙක් වශයෙන් වැරදි පුද්ගලයින් ආශ්‍රය කිරීමෙන් තමාගේ තත්ත්වය නැති වී යා හැකි බවයි.

ක්‍රීඩා කරන කාලේ දී තමාද නායකයෙක්ව සිටි බවත් එහිදී පුද්ගලයෙක් නායකයෙක් කරන්න බොහෝ අය මහන්සි වෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

බොහෝම අමාරුවෙන් නායකයෝ හදාගෙන තැනකට ගෙනා නමුත් ඒ අය වටා ගොනු වෙන්නේ පසුගිය කාලේ හොරකම් කළ දූෂිත පුද්ගලයින් බවත් ඒ නායකයින්ගේ පිරිහීම පටන් ගන්නේ එතැනින් බවත් හෙතෙම සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

“ඒ තත්ත්වය අපි අත්දැකීමෙන් දැක්ක දෙයක්. අමාත්‍යවරයකේ ලෙස අපිත් වැරදි පුද්ගලයෝ ආශ්‍රය කළොත් තමයි අපේ තත්ත්වය නැති වෙන්නේ. ඇත්තටම පුද්ගලයෙක් තැනකට ගේන්න, නායකයෙක් කරන්න මහන්සි වෙන අය නෙමෙයි ඒ නායකත්වය නැති කරන්නේ. බොහෝම අමාරුවෙන් අපි නායකයෝ හදාගෙන තැනකට ගෙනාවාම දූෂිත හොරකම් කරන පුද්ගලයින් ඒ නායකයා, නායකත්වය විනාශ කරලා දානවා.“

“රාජ්‍ය ආයතන පෞද්ගලික කරනව නම් ඒ කරන්නේ රාජ්‍ය ආයතනවල සිටින අයගේම දුර්වලතා සහ නොසැළකිලිමත්කම හින්දා කියන එක ඉතාමත් වගකීමකින් මම කියනවා. රාජ්‍ය පරිපාලනයේදී රාජ්‍ය නිලධාරීන් ලෙස තීරණ ගන්න බිය වෙන්න ඕනේ නැහැ. රටක් වෙනුවෙන් හිතලා හරි තීරණ ගන්නකොට අපිට කවදාවත් වරදින්නේ නැහැ. අද රාජ්‍ය අංශය පසුගිය කාලේ වූ දේශපාලන බලපෑම් සමඟ ඉතාමත් දුර්වල තත්ත්වයකට පත්ව තියෙනවා.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 July 2018 16:13