May 20, 2024

මෛත්‍රීගේ තීරණයට රාජිතගේ විරෝධය

කැබිනට් මණ්ඩලය ඒකමතිකව මත්කුඩු ඡාවාරමට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට යෝජනා වුවත් තමා ප්‍රතිපත්තියක් ලෙස එයට විරුද්ධ බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද(11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ කැබිනට් හමුවට එක්වෙමිනි.

කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව ජනාධිපතිවරයා විසින් ගෙන ආ මෙම තීරණයට එකඟතාවය පළ කරමින් සියලු දෙනා සතුටු වුවත් මෙවැනි තීරණ ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රතිඵලයක් ලබා ගත නොහැකි බව අනාවරණය වී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මත්කුඩු ඡාවාරමේ නියැලී සිටින දැනට වැරදිකරුවන් වී බන්ධනාගාරවල සිටින හා නැවත නැවතත් එම ඡාවාරමට වැරදිකරුවන් වු පුද්ගලයින් 19 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන ඇති බව ජනාධිපතිවරයා පැවසු බවත් ඔවුන්ට මෙම නීතිය යටතේ එල්ලා මැරීමට තීන්දුවක් ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ද ලබා ගන්නා අතර, එම පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් වහාම සකස් කර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 July 2018 10:47