May 20, 2024

“හොරු නැති ආණ්ඩුවක්“ රටපුරා සම්මන්ත්‍රණ මාලාවක්

“හොරු නැති ආණ්ඩුවක්“ නමින් දූෂණයට විරුද්ධව දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට දූෂණ විරෝධි පෙරමුණ සැලසුම් කර තිබේ.

ඒ අනුව එහි පළමු සම්මන්ත්‍රණය හෙට (06) පස්වරු 03.00 සිට 05.00 දක්වා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ නමුත් දූෂණයට එරෙහි ජනපවුර ගොඩනැගීමේ අරමුණින් මෙම දූෂණ විරෝධි සම්මන්ත්‍රණ මාලාව රටපුරා පැවැත්වීමට නියමිතය.

Rate this item
(0 votes)