May 20, 2024

දිනපු දිනිල්ලේ දෙවැනි ඉනිමට අද සිට සූදානම් - ගෝඨා පොහොට්ටුවේ වේදිකාවට ගෙනඑමින් මහින්දගෙන් ප්‍රකාශයක්

පෙබරවාරි 10 වැනිදා දිනපු දිනිල්ලේ දෙවැනි ඉනිම ජයග්‍රහණය කරවීමට අද සිට සූදානම් වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (04) ප්‍රකාශ කළේය.

ජයග්‍රහණයේ ඉනිම දෙවැනි ඉනිම බවත් ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු බලවේග රාශියක් එක්ව සිටින බවද හිටපු ජනාධිපතිවරයා පැවසී ය.

වියත්මඟ ආර්ථික සැලැස්ම තුළින් ක්‍රියාත්මක වන්නේ මහින්ද චින්තනය බවත් අද වන විට තමාට මඩ ගැසීම සඳහා විදේශීය රටවල් පවා පාවච්චි කරන බවත් රාජපක්ෂ මහතා පැවසී ය.

නිව්යෝක් ටයිම්ස් පුවත් පත මඟින් පළ කළ නිවේදනය සම්බන්ධයෙන් තමා පියවර ගන්නවා යැයි කියා සිටියේ, මාධ්‍ය මර්දනයට නොවන බවත් අවශ්‍ය වුයේ සිදු වු වැරද්ද නිවැරදි කිරීම බවත් හෙතෙම සඳහන් කළේය.

නෙළුම් මාවත හා වියත්මඟෙයි ආරවුල් ඇති බව පැවසුවත් එවැන්නක් සිදු වී නොමැති බවත් වියත්මඟේ සහ නෙළුම් මාවතේ යන දෙකෙහිම ඇත්තේ මහින්ද චින්තනය බව ද ඔහු පෙන්වා දුන්නේය.

රාජපක්ෂ සහෝදරවරු අතර ගැටුමක් ඇතැයි පැතිරයන මතවාද ප්‍රතික්ෂේප කිරීම සඳහා මෙම උත්සවයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ බවත්, වියත් මග, ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහින්ද චින්තනය ඉදිරියට ගෙන යමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති සාමාජිකත්ව ප්‍රදානය කිරීමේ උත්සවයේදීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණෙ දේශපාලන කටයුතුවලට නිල වශයෙන් සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාව මෙය විය.

බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමේ උත්සවය අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙලුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පැවැත් විය.

මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන් 21කුට සංකේතාත්මකව සාමාජිකත්වය ලබාදෙනු ලැබීය.

Image may contain: 4 people, people standing, wedding and outdoor

Image may contain: 6 people

Image may contain: 2 people

Image may contain: 5 people, people smiling, indoor

Image may contain: 1 person

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 July 2018 12:50