May 20, 2024

ගෝඨා අද සිට දේශපාලනයට! පොහොට්ටුවේ කාර්යාලයේ උත්සවයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන කටයුත්තක් වෙනුවෙන් පළමු වරට අද (04) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්‌වන පළාත් සභා මන්ත්‍රීවරුන් පක්‌ෂ සාමාජිකත්වය පිරිනැමීමේ උත්සවය අද පෙරවරු 10.00ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයේදී පැවැත්වේ.

ගෝඨාභය රාජපක්‌ෂ මහතාට සෘජුව දේශපාලනයට පැමිණීමේ කාලය දැන් එළඹ ඇති බැවින් ප්‍රායෝගික දේශපාලන වැඩසටහනක්‌ සැකසීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයට පැමිණෙන ලෙස කරන ලද ආරාධනයකට අනුව ඒ මහතා අද නෙළුම් මාවත පක්‌ෂ මූලස්‌ථානය වෙත පැමිණෙනු ඇත.

එලෙස දේශපාලන කටයුතුවලට එක්‌වන ගෝඨාභය රාජපක්‌ෂ මහතා නෙළුම් මාවත පක්‌ෂ මූලස්‌ථානයේදී පළාත් සභා මන්ත්‍රීවරුන්ට සාමාජිකත්වය පිරිනැමීමේ අවස්‌ථාවට ද එක්‌වීමට නියමිත බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු ඒෂියන් මිරර් වෙත පැවසුවේය.

විසුරුවා හැර ඇති පළාත් සභා තුන ඇතුළුව පළාත් සභා නවයෙහි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රීවරුන් සියයට 90 ක්‌ පමණ පක්‌ෂ සාමාජිකත්ව ලබාගැනීමට නියමිත අතර පක්‌ෂ සාමාජිකත්වය ලබාගැනීමට පැමිණෙන ලෙස එම සියලු මන්ත්‍රීවරුන්ට විවෘත ආරාධනාවක්‌ කර ඇත.

මෙම අවස්‌ථාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‌ෂ යන මහත්වරුන් ඇතුළු ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ද සහභාගි වීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 July 2018 15:37