May 20, 2024

අගමැති සිහිනයේ සිටි දේශපාලනඥයින් දෙදෙනෙකුගේ හමුවීම

ප්‍රවාහන හා පෞද්ගලික ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අග්‍රාමාත්‍ය ධූර සිහිනයේ සිටි දේශපාලනඥයෙකි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද පසුගියදා ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාචසභංග යෝජනාවේ දී අග්‍රාමාත්‍යධූරය බාරගන්නා ලෙසට තමන්ට යෝජනා කළ බවත් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත්ය.

මෙම දෙදෙනා අද (02) පෙරවරුවේ එකට හමු වූයේ බත්තරමුල්ල සීමාසහිත සකුරා දන්ත පෞද්ගලික රෝහලේ දෙවන අදියරේ විවෘත කිරීමේ උත්සවයේ දීය. මෙහිදී දෙදෙනා එකට ලංව දේශපාලන කථා බහක හෝ සෞඛ්‍ය ගැටලුවක නිරතව සිටියහ.

මෙම අවස්ථාවට නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද එක්ව සිටියේය.

Rate this item
(0 votes)