May 21, 2024

රෝසිට ඇලෝසියස් දුන් චෙක්පත මාරු කළේ අගමැතිගේ ආරක්‍ෂකයින්

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මියට චෙක්පත් මාර්ගයෙන් මුදල් ලබා දී ඇති බවත් එම චෙක්පත් මුදල් බවට මාරු කර දී ඇත්තේ අගමැතිවරයාගේ ආරක්‍ෂක නිලධාරීන් විසින් බවත් ජාතික සමගි පෙරමුනේ නායක අසාද් සාලි මහතා පවසයි.

ඒ නිසා එම මුදල් ගත්තේ රෝස් සේනානායක මහත්මියද අගමැතිවරයාද යන්න රජයෙන් ප්‍රකාශයක් සිදු කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

රෝසි සේනානායක මහත්මිය සහ ඇයගේ පුත්‍රයා මුදල් ඇලෝසියස්ගෙන් මුදල් නොගත් බවට ප‍්‍රසිද්ධියේ පවසන්නැයි තමන් නගරාධිපතිනියට අභියෝග කරන බවද අසාද් සාලි මහතා ප්‍රකාශ කළේය.

ඒ බව ඔප්පු කිරීමට තමා ලඟ ලිපි ලේඛන තිබෙන බවද ඇලෝසියස්ගෙන් මුදල් ගත බව රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රායා පිළි ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු කෝප් කමිටුව හමුවේ ලබාදුන් සාක්කිවල පිටපත් එහි සාමාජිකාවක වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනානායක විසින් පර්පචුවල් ට්‍රෙසරීස් සමාගමට ලබා දී ඇති බව බැදුම්කර කොමිසම හමුවේදී මීට පෙර හෙළිදරව් වී තිබිණි.

ඒ පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන ගැණුම්කාර කසුන් පළිසේන මහතා කොමිසම හමුවේ සාක්කි දෙමින් එම සිද්ධියට අදාළව සිදුවූ දුරකතන සංවාද කොමිසමට භාර දීමෙන් අනතුරුවය.

Rate this item
(3 votes)
Last modified on Friday, 29 June 2018 13:32