May 21, 2024

2020ට මහින්ද කැමැත්ත දෙනතුරු ගෝඨා බලාපොරොත්තුවෙන්! මාස 2න් ඇමෙරිකා පුරවැසිභාවය ඉවතට

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවම දැනුම්දී නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නමුත් එවැනි ඉල්ලීමක් කළහොත් අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත හැකි බවත් මාස දෙකක් ඇතුළත තමන්ට ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත හැකි බවත් හෙතෙම අවධාරණය කළේය.

ඩි.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරීමේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවත් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය පවත්වන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අද (25) පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් දෙමින් ඔහු මේ බව පැවසීය.

මේ අතර අම්පාර ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසූවේ ඉදිරි ජනාධිපතිවරණයේ සුදුස්සා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ රටට සාමය උදා කරලු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට බවත් රටේ ජනතාව ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂ මහතාව බවත් ය.

නමුත් මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය දිනන බව දන්නා නිසා එතුමාගේ ප්‍රජා අයිතිය පමණක් නොව මේ රටේ ජනතාවගේ ප්‍රජා අයිතිය පවා නැති කර ඇති බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ඕනෑම කෙනෙකුට සහය දීමට පොදුජන පෙරමුණ ඇතුළු සියලු සහෝදර පක්ෂ එකඟ වන බවත් සුදුස්සෝ නම් ඕනෑ තරම් සිටින බවත් අවශ්‍යනම් විමලවීර මන්ත්‍රීවරයා ජනාධිපති අපේක්ෂක කර ජනාධිපතිවරයණය ජයග්‍රහණය කළ හැකි බවත් ඔහු ප්‍රකාශ ක‍ළේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී වීමලවිර දිසානායක මහතා පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහතා වන්නේ නම් තමා කැමැත්තෙන් පසුවන බවයි.

මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කරන ඕනෑම පුද්ගලයෙකුට තමා සහය පල කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා විය යුතු බවටත්, තවත් පිරිසක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා විය යුතු බවටත් යෝජනා වීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම අර්බුදයකට ලක්වී ඇති තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ අවසන් තීන්දුව ගැනීමේ බලය පවරා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වන අතර ඒ හේතුවෙන් පොහොට්ටුවේ ජයග්‍රහණයේ තීන්දුව ඇත්තේද මහින්ද රාජපක්ෂ මහතා අතේය.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 26 June 2018 10:53