May 21, 2024

මහින්දගේ නිවසේ හදිසි සාකච්ඡාවකින් පසු 2020 ජනපති සටනට සිව්දෙනෙකුගේ නම් යෝජනා වෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස නම් හතරක් යෝජනා වූ බව පිවිතුරු හෙල උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ දිනේෂ ගුණවර්ධන යන මහත්වරුන්ගේ නම් ජනපති අපේක්ෂකයින් ලෙස යෝජනා වී තිබේ.

එම සිව්දෙනාගේ නම් යෝජනා වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර ඊයේ(13) රාත්‍රී හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.

ඉදිරි ජනාධිපතිවරණයේදී වැදගත් වන්නේ රාජපක්ෂලාද කියන දේට වඩා දක්ෂයෙක්ද නැද්ද යන්න බවද එහිදී ගම්මන්පිල මහතා පැවසී ය.

“ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණාම ඔයාට නම් ඇමැතිකමක් ලැබෙන එකක් නෑ“ යනුවෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාට පැවසූ බවත් ඒකාබද්ධ විපක්ෂය තවම ජනාධිපති අපේක්ෂකයා තෝරා පත් කර නොමැති බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වන බවට අගමැතිවරයා සහතිකයක් දෙන බවත් ඒකාබද්ධයේ අපේක්ෂකයා දිනන බවට ඊටත් වඩා සහතිකයක් අවශ්‍ය නොවන බවත් කියා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 15 June 2018 11:06