May 20, 2024

කැබිනට් හමුවේ මත ගැටුම්! හකීම් නිසා රිෂාද් ඉවත් වෙන්න යයි

නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රාවුෆ් හකීම් මහතා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාද් බදියුර්දීන් මහතා අතර ඊයේ (05) පැවති කැබිනට් රැස්වීමේ දී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ.

උතුරේ නැවත පදිංචි කිරිම සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇතිවු මත ගැටුමක් උණුසුම් වචන හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති බව රජයේ ආරංචි මාර්ග පැවසී ය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී ඇමැතිවරුන් දෙදෙනා එකිනෙකා විවේචනය කර ගත් බව දැනගන්නට තිබේ.

උතුරේ නැවත පදිංචි කිරිම් සඳහා පත්කර ඇති ඇමැති කමිටුවට තමාද ඇතුළත් කර ගන්නැයි රාවුෆ් හකීම් ඇමැතිවරයා ඉල්ලා ඇති අතර රිෂාද් බදියුර්දීන් ඇමැතිවරයා ඊට විරෝධය පළකර ඇත.

හකීම් ඇමැතිවරයා එම කමිටුවට ඇතුළත් කරන්නේ නම් තමා ඉන් ඉවත් වන බව රිෂාද් බදියුර්දීන් ඇමැතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

රාවුෆ් හකීම් මහතා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන බැවින් ඔහු උතුරේ නැවත පදිංචි කිරිමේ කමිටුවට ඇතුළත් කළ නොහැකි බවද රිෂාද් බදියුර්දීන් ඇමැතිවරයා ප්‍රකාශ කළ බව එම ආරංචි මාර්ග පැවසී ය.

එසේ නම් දුමින්ද දිසානායක සහ ෆයිසර් මුස්තාෆා යන ඇමැතිවරුන් දෙදෙනා එම කමිටුව පත් කළේ කෙසේ දැයි හකිම් ඇමැතිවරයා ප්‍රශ්න කර ඇත.

ඊට පිළිතුරු දී ඇති රිෂාද් බදියුර්දීන් ඇමැතිවරයා දුමින්ද දිසානායක ඇමැතිවරයා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ උතුරේ සිංහල වැසියන් නැවත පදිංචි කරවීම සම්බන්ධයෙන් සොයා බැලීමට බවත්,ෆයිසර් මුස්තාෆා පත්කළේ පළාත් සභාව සම්බන්ධීකරණයට බවත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 June 2018 11:42