April 26, 2024

ජනපති නියමයෙන් ශ්‍රීලනිපයට නව සංවිධායකවරු 9ක්

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කළ නව දිස්ති‍්‍රක් සංවිධායකවරු 09 දෙනෙක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

අම්පාර, කොළඹ, මාතර, මාතලේ සහ රත්නපුර යන දිස්ත‍්‍රික්ක 05 සඳහා මෙලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත‍්‍රික් සංවිධායකවරු පත්කර ඇත.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය සඳහා නලීන් ගුණසේකර මහතා, අම්පාර දිස්ත්‍රික්කය සඳහා මීරා ලෙබ්බේ රෙබුපාසාමි මහතා, නවනීදරාජා මහතා, අයි.එච්.අබ්දුල් වහබ් මහතා, ටී.රෆයිඩීන් මහතා සහ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය සභා බල ප්‍රාදේශය සඳහා ආරියරත්න විජේවික්‍රම මහතාත් පත් කර ඇත.

මීට අමතරව මාතර දිස්ත්‍රික්කය සඳහා ප්‍රනීත් පද්මතිලක මහතා, මාතලේ දිස්ත්‍රික්කය සඳහා සුජීව ගොඩලියද්ද මහතා සහ රත්නපුර දිස්ත්‍රික්කය සඳහා එම්.එච්.එම්.සකරියා මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 October 2017 10:06