April 27, 2024

විපක්ෂයට යන ශ්‍රීලනිප මැති - ඇමැතිවරු 20දාට තීන්දුවක් ගනී

September 17, 2017

ආණ්ඩුව නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීම තීරණය කිරීමට එම කණ්ඩායම එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වීමට නියමිත බව වාර්තා වේ.

කෙසේවෙතත් ආණ්ඩුව ගැන කලකිරුණු මන්ත්‍රීවරුන් පවසන්නේ ආණ්ඩුව නියෝජනය කරනු ලබන මැති ඇමැතිවරු පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමේ තීරණයේ මෙතෙක් වෙනසක් නොමැති බවයි.

තමාට විවිධ උසස් තනතුරු ලබාදීමට ආණ්ඩුවෙන් ඇරැයුම් ලැබුණත් දැන් තනතුරුවලින් වැඩක් නැතැයි එම මන්ත්‍රීවරුන පවසති.

මේ අතර පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසූවේ ඉදිරි කාලයේ දී වත්මන් ආණ්ඩුව පෙරලීම සඳහා කළ හැකි සෑමදෙයක්ම සිදුකරන බවයි.

පක්ෂ දෙකේම හොඳ පුද්ගලයින් සිටින බවත් කලකිරීම තියෙන්නේ ආණ්ඩුව ගැන මිසක් ජනාධිපතිවරයා සමඟ නොවන බව ද අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

රටේ ජනතාව ගැන සිතා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගනු ලැබූ බවත් ආණ්ඩුව යම් යම් කරුණු සම්බන්ධයෙන් වැරදි ක්‍රියාමාර්ග අනුගමනය කරන බැවින් එය විවේචනය කළ බවත් එය කිසිසේත්ම වැරුද්දක් නොවන බව ද සඳහන් කළ අරුන්දික ප්‍රනාන්දු මහතා අද වන විට දෙකඩ වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟි කර එක් ආණ්ඩුවක් සෑදීම අනාගත බලාපොරොත්තුව බව ද කියා සිටියේය.

කෙසේ වෙතත් ඇතැම් අය අද වන විට 2020 මැතිවරණයේ දී ජනාධිපතිවරයා වශයෙන් අගමැතිවරයා පත් කිරීමට සිහින බලමින් සිටින බව ද පැවසී ය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 18 September 2017 14:45