April 27, 2024

ශ්‍රීලනිප - එජාප ප්‍රබලයින් හදිසියේ රැස්වෙයි

September 02, 2017

සියලූ පළාත් සභාවල ඡන්දය එකම දිනක පැවැත්වීමේ විධි විධාන ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිළිබද සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර හමුවක් ලබන සතියේ සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

20 වන සංශෝධනය එය පරාජයට පත්වූ දකුණු සහ ඌව පළාත් සභාවලට කඩිනමින් යළි ඉදිරිපත් කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය.

එමෙන්ම ඒ සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන පවතින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

20 වන සංශෝධනය තුළ පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් සාකච්ඡා කරන බව වාර්තා වේ.

Rate this item
(2 votes)
Last modified on Sunday, 03 September 2017 17:20